
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ දිස්ත්‍රිකයේ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේනුතුව මගින් ලබාදෙනු ලබන ජල සැපයුම් වලින් 78% ක පමණ පානීය ජලය අපිරිසිදු තත්වයේ පවතින බව සෞඛ්‍ය අංශ වාර්තාකර ඇතැයි මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අනාවරණය විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක කොට්ටේගොඩ මහතාගේ සම සභාපතිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අද(15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදී මේ කරුණු අනාවරණය කෙරිණි.
වර්ෂ 2011 දී, ග්‍රාමීය ප්‍රදේශයන්හි ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද (දෙවන) ප්‍රජා ජල ව්‍යාපෘති 232ක් මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර තිබේ. ඒ අතරින් මේ වන විට ව්‍යාපෘති 108ක් පමණ අක්‍රිය මට්ටමේ පවතින බව වාර්තා වේ. එම ව්‍යාපෘති රැසක් දේශපාලනීකරණය වීම හේතුවෙන් පසුගිය කාලය තුළ විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා කමිටුව හමුවේ සඳහන් කළේය.
පානීය ජලයේ යම් ගැටලුකාරී තත්වයක් පවතින බවත්, පිරිසිදු පානීය ජලය ලබාදීමට දැනටමත් ක්ලෝරීන් යන්ත්‍ර 50ක් යොදවා ඇති බවත්, එය 100 දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් මෙහිදි අදහස් දැක්වු ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තු මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී එච්. බී. විජේසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
හරියටම හරි
හරියටම හරි