IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාතර සිසු ඝාතනයේ සැකකාර සිසුහු 10 තෙක් යළි රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)


මාතර නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීම සදහා එන අතරතුර දී මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ උසස් පෙළ  සිසුවෙකුට පිහියකින් ඇණ ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් තිදෙනා ලබන 10 වැනිදා තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී කේ.විතාරණ මහත්මිය  අද  (03) නියෝග  කළාය.


ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු හැර අනෙක් සිසුන් දෙදෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර සාක්ෂිකරුවන් තිදෙනාම එම සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමට සමත් විය.


ඝාතනයට ලක් වු සිසුවාගේ මිතුරන් දෙදෙනෙකු හා තවත් සිද්ධිය ඇසින් දුටුවෙකු එසේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වී තිබුණි.


මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මියගේ උපදෙස් මත වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ෂර්ලි ජයවීර මහතා ඉදිරියේ දී එම හදුනා ගැනීමේ පෙරෙට්ටුව පවත්වන ලදි.


ඉන් අනතුරුව නඩුව කැඳවු අවස්ථාවේ දී ඔවුන් තව දුරටත් රිමාන්ඩ් භාරයට පත් කල අතර  සැකකරුවන් නිසා බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 


මාතර ඇලවේල්ල පාරේ පිහිටි ජීව විද්‍යාව උපකාරක පන්තියකට සහභාගී වීමට යන අතරතුරදී තිහගොඩ නායිම්බල පදිංචිව සිටි රසිදු ගිම්හාන (19) සිසුවාට පිහියකින් ඇණ ඝාතනය කර තිබුණේ ඉකුත් 24 වැනිදාය.


ඉන් අනතුරුව 16 හැවිරිදි ප්‍රධාන සැකකරු නීතිඥයෙකු මගින් අධිකරණයට භාර වු අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පොලීසිය සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.



අදහස් (4)

මාතර සිසු ඝාතනයේ සැකකාර සිසුහු 10 තෙක් යළි රිමාන්ඩ්

dias Monday, 03 December 2018 10:32 AM

මේ කාලකන්නි පොඩි කාලේ ඉඳලම පිහි හරඹ කරන හැටි රටේ පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගෙන...

:       1       105

dias Monday, 03 December 2018 10:32 AM

මේ කාලකන්නි පොඩි කාලේ ඉඳලම පිහිහරඹ කරන හැටි රටේ පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගෙන...

:       2       105

චමින්ද Tuesday, 04 December 2018 12:59 AM

මට නම් හිතෙන්නෙම මෙවැනි මිනීමරුවන් වෙනුවෙන් කථා කිරීමටත් කවුරු හෝ ඉදිරිපත් වෙන තත්වය මෙවැනි කටයුතු වර්ධනයට බලපානවා කියල

:       0       0

Bandula. Tuesday, 04 December 2018 03:54 AM

පොඩි කාලේම මෙතරම් දරුණු නම් ලොකු වෙද්දී කොහොම වේවිද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site