(ක‍්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ඇලවේල්ල පාරේ දී උසස් පෙළසිසුවකු ඝාතනය කිරීමට යොදාගත් පිහිය හා සිද්ධියට අදාළ නඩු භාන්ඩ දැමු බවට සැකකාර සිසුවා හෙළි කළ ස්ථානයන් සෝදිසියට ලක් කළත් කිසිදු නඩු භාණ්ඩයක් සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බව වාර්තා වේ.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයකට අනුව සැකකාර 16 හැවිරිදි සිසුවා බන්ධනාගාර නිලධාරීන් බාරයේ නඩු භාන්ඩ ඇතැයි දැනුම් දුන් ස්ථානයන්ට රැගෙන යනු ලැබුවද ඒ කිසිඳු ස්ථානයක තිබී කිසිඳු නඩු භාණ්ඩයක් සොයා ගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.
මාතර පොලිසියෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම පැමිණිල්ල මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මාතර පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් සැකකරු මෙම අපරාධයට යොදා ගත් නඩු භාණ්ඩ සොයා ගැනීමට අවශ්‍ය වී ඇතැයි පැවසුහ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකළත් ඔහු නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාරවී රිමාන්ඞ් බාරයට පත්වු බවත් පසුව අධිකරණ නියෝග මත බන්ධනාගාරය තුළදී ඔහුගෙන් ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ සටහන් කරගැනීමේදී මෙම අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් පිහිය නායිම්බල පාලමෙන් නිල්වලා ගඟටද අපරාධය සිදුකරන විට සැකකරු හැඳ සිටි ලේ තැවරුණූ ඇදුම්, පාසල් බෑගය හා ජංගම දුරකථනය මෙන්ම සිම් පත කිරඹ-ආරට ද විසී කළැයි පැවසු බවද දැනුම් දුන් පොලිසිය ඒ අනුව අදාළ නඩු භාණ්ඩ සොයා ගැනීමට අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන්හ.
අදාළ නඩු භාණ්ඩ වන අපරාධයට යොදාගත් පිහිය හා අපරාධය සිදුකරන විට සැකකරු හැඳ සිටි ලේ තැවරුණූ ඇදුම් සොයා ගැනීම සඳහා සැකකරු ඒවා විසීකර දැමූ බව කියන ස්ථානයන් හදුනාගැනීම සදඟා ඔහුගේ මඟ පෙන්වීම අවශ්‍ය වී ඇතැයිද ඒ අනුව අදාළ ස්ථානයන්ට ඔහු රැගෙන යෑමට අවශ්‍ය වී ඇති හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් බාරයේ දැඩි ආරක්‍ෂාව යටතේ සැකකරු අදාළ ස්ථානය වෙත ගෙන යෑමට අවසර දුන් මහෙස්ත‍්‍රාත්වරිය ඉන් අනතුරුව සැකකරු යළි රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමටද නියම කළාය.
ඒ අනුව මෙම අපරාධය සිදුකළ බව කියමින් සැකපිට රිමාන්ඞ් බාරයේ රඳවනු ලැබ සිටින සැකකාර 16 හැවිරිදි පාසල් සිසුවා බන්ධනාගාර නිලධාරීන් බාරයේ විශේෂ ආරක්‍ෂාව යටතේ මාතර බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එනු ලැබීය.
මෙම අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් පිහිය නායිම්බල පාලමෙන් නිල්වලා ගඟට විසි කල බවට සැකකරු පොලීසීයට ප්‍රකාශකර තිබූ අතර එම ස්ථානය පෙන්වන ලෙස සැකරුට දැනුම් දෙමින් ඔහු නායිම්බල පාලම අසළට රැගෙන ගිය අතර ඒ අවස්ථාවේදී ඔහු ඒ ආසන්නයේ ඇති එක, එක පාළම් පෙන්වමින් ඒ ගැන විස්තර ඉදිරිපත් කළත් පිහිය විසීකල බවට නිශ්චිත ස්ථානයක් ඔහු නිලධාරීන්ට හෙළි නොකළේය.
ඉන් අනතුරුව අපරාධය සිදුකරන විට සැකකරු හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම්වල ජංගම දුරකථනය හා පාසල් බෑගය විසි කළ බව කියන කිරඹ-ආරේ ස්ථානයන්ට රැගෙන ගිය විටදීද ඔහු ඒවා වීසී කළ නිශ්චිත ස්ථානයක් නොපෙන්වා එක එක ස්ථාන පෙන්වා සිටීම නිසා කිසිඳු නඩු භාන්ඩයක් සොයා ගැනීමට නිලධාරීන්ට නොහැකි විය.
මෙම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව දින දෙකහාමාරක් කුරුම්බා බොමින් විටියල කුරුදු ඉඩමක සැඟව සිටි බව සැකකරු හෙළි කර තිබූ අතර ඔහුගේ මඟ පෙන්වීම යටතේ විටියල කුරුදු ඉඩමට ඔහු රැගෙන ගිය අතර සැකකරු දින දෙකක් කුරුම්බා බොමින් සිටි බව කියන එම ඉඩමේ එකඳු පොල් ගසක්වත් නොමැති බව පොලිස් නිලධාරීන් නිරීක්‍ෂණ කළහ.
එමෙන්ම සැකකරුගේ මඟ පෙන්වීම මත අදාළ ස්ථානයන් නිරීක්‍ෂණය කළත් ඒ කිසිදු ස්ථානයකින් වැදගත් කිසිඳු සාක්ෂියක් සොයා ගත නොහැකි වු බවත් පැවසු උසස් පොලිස් නිලධාරියෙකු සැකකරුගේ ඇතැම් කරුණු පරස්පර බවත් පැවසීය.
පරීක්ෂණ වලින් අනතුරුව සැකකරු යලි මාතර බන්ධනාගාරය වෙත රැගෙන එන ලදි.
COMMENTS
"පිහිය පෙන්වන්න ගිහින්.. පිහියෙන් පොලීසියට අනින්න උත්සාහ කළවිට ආත්ම ආරක්ෂාවට පොලිසියෙන් තැබූ වෙඩි පහරින්..." ඇයි එහෙම නොකළේ...? මේවගේ මිනීමරුවන් සමාජයට පිළිලයක්..
වයස නොසලකා කන පුපුරන්න දෙකක් දුන්නා නම් අමතක වෙච්ච දේවල් මතක් වෙයි...
අවුරුදු 16දී මෙතරම් කපටිකම් කරන්න පුළුවන් නම් අවුරුදු 25ක් වෙනකොට අම්ම තාත්තත් විකුණලා දාන්න බැරිවෙන එකක් නැහැ...
හුරතල් නොකර දෙකක් තුනක් ඇනලා අහගන්න හරියට විස්තරය....
ඔහොම නොව අර සම්මත ක්‍රමවේදයට අනුව "අවි පෙන්නන්න" එක්කන් යන්න.
වත්මන් දේශපාලන කාරයන්ගේ සහ ඔය ළමයාගේ කිසිම වෙනසක් නැහැ.
සුපුරුදු ලෙසම පහුගිය කාලෙට සාපේක්ෂව "මට මතක නැහැ" තියරිය ඉදිරියට දාලා... කොල්ලා ලවා, උන්මන්තක පාට් එකක් ඇක්ට් කරවලා, පිපීගෙන එන පොහොට්ටුවක් වගේ පෙනෙන දේශපාලක පුත්‍ර රත්නය නිදොස් කොට නිදහස් කරලා වැඩක් ගන්න වගෙයි හදන්නේ? මේ රටේ ඕක නොවුනොත් තමයි පුදුමේ?
මේ පළාතේ උදවිය කියන දේවල් සත පහකට විශ්වාස කරන්න එපා. අපි දන්නා කෙනෙකුගේ මාතර ඥාතියෙක් ඉඩමේ ටියුෂන් පන්තියක් දාන්න කියලා තාවකාලිකව ඉල්ලා ගෙන අන්තිමේ ඉඩම එයාගේ කියලා නඩු දැම්මා. වෙන එකක් තියා එයාගේ ළමයින්ගේ උප්පැන්නෙට දමලා තිබුනේ ඒ ඉඩමේ ලිපිනය. එහෙම සැලසුම් සහගතව තමයි ඔය පැත්තේ උදවිය වැඩ කටයුතු කරන්නේ... පොලිසියේ මහත්වරුනි, ලෝකයේ කපටිම මිනිස්සු ඉන්නේ ඔය ප්‍රදේශයේ බව අමතක කරන්න එපා...
මොහු කවදා හෝ මාකඳුරේ මධුෂ්ටත් වැඩියෙන් දාමරිකයෙක් වේවි. නිය පොත්තෙන් කඩන්න තියෙනදේ පොරවෙන් කපන්න තියන්න එපා..
පහුගිය කාලෙ නම් ආයුධ පෙන්නලා ගිය අය ආපහු එක්කගෙන ආවේ නම් නැහැ. මෙයාලාටත් එහෙම කළාට පව් නැහැ.
අවම බලය පොඩ්ඩක් වැඩි කරලා ඇත්ත අහගන්න.
ඔය ගාල්ල, මාතර පැත්තේ අයගේ හැටියක්. ලඟින් ගියොත් කනක් නැහැ.
ඕකව උස්සලා ගඟට දාන්න මහත්තයෝ.. පව් නැහැ. හැබැයි මිනිහා නිදහස් වුණු දාට ඒ ටික ගමේ මිනිස්සු කරනවා...
රවී සහ ලක්මාල් යන මහත්වරු තමන්ගේ පරිණත බව සහ දැනුමේ ප්‍රමාණය පෙන්වලා තියෙනවා. ඔයාලා වෙන රටකින් හරි වෙන ග්‍රහලෝකයකින් ඇවිල්ලද? මේ තියෙන සමස්ත පිරිහීම තුළ රටේ ඕනෑම තැනකින් අසමජ්ජාති අමනයන් බිහිවෙන්න පුළුවන්. මමත් මාතර කෙනෙක්, මටත් ගොඩක් අසාධාරණ අකටයුතුකම් වෙලා තියෙනවා ඔය කියන වෙන ප්‍රදේශවල අමනයන්ගෙන්, එ්ත් එහෙම කියලා ප්‍රදේශයකට ඇඟිල්ල දික්කරලා අපහාස කරන්නේ නැහැ. කරුණාකරලා පිරිහීම තේරුම්ගන්න උත්සාහ ගන්න. තියෙන තත්වයට අපි හැමෝම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනෑ. අඳුරට ශාප කරනවට වඩා පහනක් දල්වන්න බලන්න. අඩු තරමෙන් තමන්ගේ දරුවන්වත් හොඳින් හදාගන්න බලන්න. එතකොට මාතරින් කෙසේ වෙතත් ඔබේ ප්‍රදේශවලින් ඔවැනි අපතයන් බිහි නොවේවි...