(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා යන අතරතුර දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවකු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (27) නියෝග කළාය.
එසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා අධ්‍යාපනය අතරමග නවතා දමා තිබෙන මාතර නාදුගල පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
ඔහු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (26) දහවල් මාතර නගරයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරු පෙරේදා (26) දින රිමාන්ඩ් බාරයට පත් කළ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකාර 16 හැවිරිදි පාසල් සිසුවාගෙන් වෙන්කර බන්ධනාගාරය තුළ තබන ලෙස පොලීසිය අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව සැකකාර 17 හැවිරිදි සිසුවා බන්ධනාගාරය තුළ වෙන් කර තැබීමට අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය.
COMMENTS
අපි දන්නේ මේ පලාත්වල දරුවන්ට දෙමව්පියන්ගෙන් කුඩා කල සිටම ලැබෙන්නේ නරක පුර්වාදර්ශ බව පමණි. මේ පළාතේ බොහොමයක් පවුල් ඉඩකඩම් ආරවුල් නඩු වලට පරම්පරාවෙන් පරම්පරාවට පැටලවිලා. ඉඩම් නඩුවක් ආරවුලක් නැති පවුලක් මාතරින් සොයා ගන්න බැහැ. අපි දන්නා වැන්දඹු කාන්තාවකගේ සැමියාගේ මාතර ඉඩම්, නෑදෑයන් තර්ජන ගර්ජනා කර බලෙන් අල්ලා ගත්තා. මේවා ආදර්ශයට ගන්න ළමයින් අන්තිමේ මිනීමැරුම් වලට යන එක වලක්වන්න බැහැ. මාතර උදවිය ඇතුළු හැමෝම නිකම් බොරුවට පාසලේ ගුරුවරුන්ටයි, ටෙලි නාට්‍ය වලටයි දොස් කියන්නේ නැතිව තමන්ගේ ළමයින් හරියට හදා ගන්න. අපේ පරම්පරාව අඹ යාළුවො එක්ක ඇමරිකානු රහස් පරීක්ෂක කතා බැලුවා. ඒවායේත් මිනීමැරුම් තිබුනා. හැබැයි අපේ කාලයේ මෙහෙම පාසල් දාමරිකකම් තිබුනේ නැහැ. හේතුව අපේ දෙමව්පියන් වරදට අපිට එවෙලේම දඬුවම් කර, ඉල්ලන ඉල්ලන හැම දේම නොදීමට වග බලා ගැනීම. අද අයි ෆෝන් ඉල්ලා අඩි පොලවේ ගහපු ගමන් , මිල අධිකම ගවුමක් ඉල්ලපු ගමන් ඒක ළමයාට ලැබෙනවා. මෙන්න ප්‍රතිපල !