(යොහාන් භාසුර)
මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයාට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කහිටුව අවවාද කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේදී අදාල ක‍්‍රීඩකයා වැරදිකරු වී ඇති බවත් ඔහුට නැවත එවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙස අවවාද කළ බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාල ක‍්‍රීඩකයා වසර කාලයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරයකු යටතේ මනෝ උපදේශන සේවා ස`දහා යොමු කිරීමට තීරණය කළ බව ක‍්‍රිකට් ආයතනය පවසයි.
නීතිඥවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල විසින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂ පොල්තෙල් ගෙන්වන ආයතනවල නම් නොකියන්න. මහජන මුදල් හොරාකන තක්කඩි දේශපාළුවන්ගේ නම් නොකියා ඉන්න. වෙරිමරගාතේ පාරවල්වල ගිහින් මිනිසුන් යටකර මරා දමන ප්‍රභූඅයගේ නම් නොකියා ඉන්න. සියළුම දූෂිතයින්ගේ නම් නොකියා ඉන්න අකුරටම වගබලාගන්නා ලංකාවේ මාධ්‍ය සදාචාරය...
මොහුට ක්‍රිකට් නොව, කාට හරි කරකාර බන්දවා දීමයි කළ යුත්තේ...
සමන් කියයි කරකාර බඳින ළමයා තමයි අමාරුවේ වැටෙන්නේ...
නමක් ගමක් නැති දේවල් බැලීම කාලය කාදැමීමකි.
මේක, අවවාද කරලා ඉවත දැමිය හැකි වරදක් නොවෙයි. දඬුවම් ලැබිය යුතු වරදක්... අතවරයකට තැත් කිරීමක්... සල්ලි තිබේ නම්, ප්‍රසිද්ධියක් තියෙනවා නම් ඔවුන්ට නීතියක් නෑ. එදා වේල හම්බකරන් කන්න දඟලන අහිංසකයාට නීතිය අකුරටම ක්‍රියාත්මකයි. මිනීමරලා සල්ලි දීලා බේරෙනවා.
මේ යක්කුන්ගේ මේ වැඩ වලට වගකියන්න ඕන සමාජ මාධ්‍ය ඇඩ්මින් ලා..මේ කියන ක්‍රීඩකයා දැක්කම පේනවා හෙන ඇඹල චරිතයක් කියලා ..ස්ත්‍රී ලෝලියෙක්...යු ටියුබ් කාරයෝ මේ යකා ගෙන්නලා ප්‍රශ්න අහන එකක් ගියා එල්පිඑල් එක ඉවර වුණ ගමන්...එකේ ප්‍රශ්න අහන මිනිහා අහන්නේත් ටීම් එකේ කාන්තා ආකර්ශනය වැඩි කාටද කියලා වගේ ප්‍රශ්න...මිනිහගේ මුණු පොතට ගියානම් පෙනෙයි ෆොටෝ ටික දැක්කම.......
පොලිසියට මෙයාව අත්අඩංගුවට ගන්න නිකන් පණ නෑ වගේද? සාක්ෂි තියෙනවා නේද? එකෙක් මිනිහෙක් හප්පලා මරුවා. තව කෙනෙක් අතවර කරලා. ඉතින් අනිත් අය වැරදි කරන්න බය වෙයිද?
ළිඳ ළඟ සංගමයේ පුවත් හොඳයි....
රටේ නීතිය අවවාද කිරීම විතරයි ද? ඕක අනෙක් අය ආදර්ශයට ගෙන ඔවුන් එවැනි දෙයක් සිදුකර උසාවි දැම්මොත් මේ කාරණය ඉදිරිපත් කර ඔහුටත් නිදහස් විය හැකි ය.
මෙයාට නමක් නැද්ද දුප්පත් අයට විතරයි ද නමක් තියෙන්නේ
ඕක තමයි අපේ රටේ තියෙන ප්‍රධාන දුර්වලතාවය.., ලොකු කෙනෙක් වැරැද්දක් කළොත්. සමාව, පොඩි මිනිහාට උසාවි, එකම රටක්... එක නීතියක්... අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෑ...?
මහරජ, ඒ කුසලුත් මේ කුසලුත් හැර තවත් කුසල්ලා සිටිද්ද? ඔව් ස්වාමීනි, අපිත් ඒ කුසලයේ තමයි.
තවත් අවස්ථෘවක් නම් ඔහුට දෙන්න එපා....
මේක තමයි මේ රටේ නීතිය මේ හාදයට මීට කලිනුත් මේ වගේ චෝදනා තියනවා නමුත් ඉතින් මිනිහ " ලොකුයි " නේ ව හැබැයි මේ ළඟදී දවසක් නාරාහෙන්පිටදී ස්ත්‍රියකට අභිනයෙන් ලිංගික ක්‍රියාකාරකමක් පෙන්නුවයි කියල මනුස්සයෙක් අල්ලලා හිරේ දැම්ම ඒ විදියට හරි නම් මූ එල්ලන්න එපාය ? " කුමට මෙරට අධිකරණය -නීතිය සහ විනිසුරන් "?