IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාතරදී දැරියකට අමානුෂිකව පහර දුන් අය රිමාන්ඩ්

(ක්‍රිෂාන්ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
 
මාතරදී සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එම දරුවාගේ බාප්පා සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ මව ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද(16) නියෝග කළේය.
 
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාතර කම්මල්වත්තේ පදිංචි ජයසූරිය පටබැදිගේ ජනිත තාරක (බාප්පා) හා වලස්මුල්ලේ පදිංචි ආශා ඩිලානි (මව) නැමැති අයවලුන්ය.
 
පහර කෑමටලක්වු දැරිය වෛද්‍යප්‍රතිකාරසඳහාමාතර මහ රෝහලවෙත ඇතුළත් කර සිටින බවත් එම දරුවාගේ අතකට දරුණු තුවාල සිදු වී ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
 
දරුවාගේ මිත්තනිය ඒ පිළිබදව පොලීසියවෙත කරනලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
 
පහරදෙන අයුරු ඒ අසළ වෙළඳසැලක සවි කර තිබු සී.සී.ටී.වී.කැමරා පද්ධතියේ පටිගත වී තිබිණි.
 
එම සැකකරු හා සැකකාර මව මත්කුඩුවලට තදින් ඇබ්බැහි වූවන් බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
අත්අඩංගුවටගෙන සිටින සැකකරුට හා සැකකාරියට ඇප ලබා දීමට විරුද්ධ බවත් පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් පොලීසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී රසිකා දමයන්ති මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 



අදහස් (0)

මාතරදී දැරියකට අමානුෂිකව පහර දුන් අය රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site