IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුතුරාජවෙල ගැසට්ටුවට එරෙහි පෙත්සම් විභාගය අප්‍රේල් 08

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මුතුරාජවෙල ⁣තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට්  නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම  සලකා බැලීම සදහා අප්‍රේල් මස 08වැනිදා  කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කලේය.

එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න,  අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කර ඇති   මූලික අයිතිවාසිකම් පෙත්සම්  කිහිපයක් එකම දිනයක කැඳවීමට තීරණය කර ඇති බැවින්  මෙම පෙත්සමද එදින  කැඳවීමට විනිසුරු මඩුල්ල එහිදී  නියම කළේය.  

මුතුරාජවෙල  සුරැකීමේ සංවිධානයේ සභාපති අනිල් ලක්පුර ජයමහ සහ එහි ලේකම් දොන් සේනාරත්න වනසිංහ යන මහත්වරුන්  ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්  ලෙස නීතිපති , අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

මුතුරාජවෙල තෙත්බිමෙහි නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමට එරෙහිව පෙත්සම්කාර සංවිධානය 2017 වසරේදී  ගොනු  කල  පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මුතුරාජවෙල තෙත්බිමේ මායිම් නිවැරැදිව ලකුණු කරන ලෙස වන සංරක්ෂණ ජනරාල්වරයාට නියෝග කළ බව පෙත්සමෙහි සදහන් වේ.

මෙම නඩුව විභාගය වන අතරතුර නීතිපතිවරයා විසින් තෙත්බිම තුළ වැලි ගොඩ දැමීම සිදු නොවන බව සදහන් කරමින් නඩුව අවසන් කරන ලෙස කල ඉල්ලීමට  විරෝධය පළ කළ පෙත්සම්කාර සංවිධානය තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ  ක්‍රියාවලිය අවසන් වී නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.මුතුරාජවෙල තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ  ක්‍රියාවලිය හැකි ඉක්මනින් අවසන් කරන බවද නීතිපති වරයා  එම අවස්ථාවේදී  දැනුම් දුන් බව පෙත්සමෙහි සදහන් වේ.

මුතුරාජවෙල තෙත්බිමේ තවදුරටත් නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරම සිදු වන අතර මේ  පිළිබඳව  විෂය බාර ඇමැතිවරයාට සහ පොලීසියට පැමිණිලි කර ඇතිබව ද සදහන් වේ .

එසේ  තිබියදී 2248/44 දරණ අතිවිශේෂ  ගැසට් නිවේදනය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදි කලාපයක් බවට ප්‍රකාශයට පත් කළ බව පෙත්සම්කරුවෝ  පවසති.

මෙම ⁣ව්‍යාපෘතියට මිනුම් සැලසුම්ක්ද නැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මෙම ගැසට් නිවේදනයේ යටි අරමුණ වන්නේ හිතවත් දෙස් විදෙස් ආයෝජකයින්ට මුතුරාජවෙල ⁣තෙත්බිම තුළ සුඛෝපභෝගී හෝ⁣ටල් , ගෝල්ෆ් ක්‍රීඩා පිටි , හෙලිකොප්ටර් අංගන සහ රාත්‍රී සමාජශාලා ඉදිකිරීමට අවස්ථාව සලසා දීම යැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමේ සදහන් කර සිටිති.

එබැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය  ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් ද නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සුනිල් කුරේ මහතා පෙනී සිටියේය.

 



අදහස් (0)

මුතුරාජවෙල ගැසට්ටුවට එරෙහි පෙත්සම් විභාගය අප්‍රේල් 08

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site