IMG-LOGO

2024 ජුනි මස 15 වන සෙනසුරාදා


මෛත්‍රීගේ ජනපති සිහිනය බොඳවෙමින් පවතින බව කියයි

(නිමල කොඩිතුවක්කු)

මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති සිහිනය බොද වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය.

ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් මෛත‍්‍රීපාල සහ මහින්ද පිල එකිනෙකාට චෝදනා කරමින් වේදනාවෙන් කෑ මොර දෙමින් අදෝනා නගමින් සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා මෙසේද කීය.

"ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ කථිකාවට  පොහොට්ටුවේ  මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ කණ්ඩායම අතරත්  ගැටුම් ඇතිවෙමින් තිබෙනවා.

අපිත් එක්ක හිටපු මෛත‍්‍රීපාල  සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනි දා  මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පූජාවක් කළා. සාමාන්‍යයෙන් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. එතුමාගේ  විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ කණ්ඩායම  සමඟ සන්ධාන ගත වීමෙන් 2020 ජනාධිපතිවරණ  අපේක්ෂකත්වයට සිරිසේන මහතාට ඉදිරිපත් වෙන්න හැකියාව  ලැබෙයි කියලා.

මේ නිසා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇහෙන වෙඩිමුර සද්ද ඒතරම් ගුණ නැහැ. දයාසිරි ජයසේකර මහතා ප‍්‍රමුඛ කණ්ඩායම බොහොම තදට පොහොට්ටු කණ්ඩායමට ප‍්‍රහාර  එල්ල කරමින් තිබෙනවා.

පොහොට්ටු පක්ෂයෙනුත් දැන් එයට ප‍්‍රතිචාර එල්ල වෙමින් තිබෙනවා. පොලොන්නරුව  දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පහුගියා කිවුවා මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගෙදර ඉන්න බල්ලා තරම්වත් විශ්වාස නැහැලූ. එහෙම විශ්වාස නැත්නම් කොහොමද ඔක්තෝම්බර් 26 ආණ්්ඩුවක්  පිහිටෙවුවේ කියලා අපි අහනවා.

දෙපාර්ශවයෙන්ම මේ මතු වෙමින් ඉන්නේ  ඉදිරි ජනාධිපති අපේක්ෂකයා  නම් කිරිම සම්බන්ධ අදෝනාවයි. අපිට  මේ ගැන කිසිම ප‍්‍රශ්ණයක් නැහැ. අපිට  ජනාධිපතිවරණය සදහා තරඟ කරන්න  ඕන තරම් කන්ඩායම් ඉන්නවා."

 

(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (0)

මෛත්‍රීගේ ජනපති සිහිනය බොඳවෙමින් පවතින බව කියයි

ඔබේ අදහස් එවන්න

දියත

මහ පොහොර වංචාවක් අධිකරණයේදී එළියට
2024 ජුනි මස 15 283 0

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන්ට ලබාදීමට රුපියල් 2500 කට ආනයනය කළ පොහොර මිටිය පුද්ගලික අංශයට 3500කට විකුණා අයුතු ලාභයක් ලබාගෙන තිබියදී එම පොහොර


පළාත් කීපයකට වැසි වාර කීපයක්
2024 ජුනි මස 15 28 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


කැනඩා අගමැති මුහුණට මුහුණ හමුවෙලා
2024 ජුනි මස 15 738 0

’ජී7’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්ද


ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක්
2024 ජුනි මස 15 390 0

ඉතාලියේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි.


කුලි නිවෙස් හිමියන්ටත් බද්දක්
2024 ජුනි මස 15 1444 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසර


රෝයල් පාක් ඝාතකයා ගෙන්න නීතිපති සහය පතයි
2024 ජුනි මස 15 885 0

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1282 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3001 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2466 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site