(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පැණි මුට්ටි ටොන් ගණන් බිව්වත් පැණි මුට්ටි හිසේ තබාගෙන ගොස් ගඟට නොව බෝක්කු යටට දැම්මත් කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි බවත් එය කළ හැක්කේ එන්නත්කරණය ඇතුළු විද්‍යාත්මක උත්තර සෙවීමකින් හෝ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සදහා වැලිගම ප්‍රාදේශීය සභාව මගින් නොමිලයේ ක්‍රියාත්මක කරන “සිප්දොර”අධ්‍යාපනික මාර්ග ගත වැඩසටහනට දින 100 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වු උත්සවයක දී ඒ මහතා ඒබව කීය.
මිත්‍යාමත වලින් කොරෝනා වයිරසය පැරදිය නොහැකි බව ද අමාත්‍යවරයා කීය.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අමාත්‍යවරයා දරුවන් හා ඔවුන්ගේ මාපියන් ආමන්ත්‍රණය කරන ලදි.
කොරෝනා වසංගතය නිසා රටේ ජනතාව බරපතල සෞඛ්‍ය තර්ජනයකට ලක්ව ඇති බවත් එය ජාතික ආර්ථිකයට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට හා මානව සමාජයේ පැවැත්මට විශාල බාධාවක් එල්ල වී ඇති බවත් ඒ මහතා පැවසීය.
ඉන් දරුණුම බලපෑම එල්ල වී ඇත්තේ අධ්‍යාපනයට බවත් එම අභියෝගය නිවැරදි කිරීමද අපහසු කටයුත්තක් බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනට වසරකට පෙර ප්‍රසිද්ධ වේදිකාවේ කියන ලද කතාව නැවත මතකයට නංවමින් මුට්ටි ටොන් ගණන් බිව්වත් පැණි මුට්ටි හිසේ තබාගෙන ගොස් ගඟට නොව බෝක්කු යටට දැම්මත් කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි බවත් එය කළ හැක්කේ එන්නත්කරණය ඇතුළු විද්‍යාත්මක උත්තර සෙවීමකින් හෝ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පමණක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියි...
ඕක අපට කියන්න කළින් එදා කැබිනට් එකේ කියාගන්න හයියක් තිබුණේ නැද්ද?
ඒක තමයි, ජෙප්පොයි, දොස්තරවරුයි, මුට්ටි දානකොට, පැණි ප්‍රොමෝට් කරන කොට වාසුදේව කට කැඩෙනකන් කිව්වා එන්නත් එක ගේමු කියල. ඕක හරියන්නේ නෑ කියල. ආණ්ඩුවට බලේ තිබ්බනම් ඕව ඔහොම වෙන්නේ නෑ.
පොඩ්ඩක් පවිත්‍ර ටයි ප්‍රසන්නටයි ගම්මන්පිලටයි ඔය කතාව කියල දෙනවද.. අනික් පැණි මුට්ටිකාරයො මට මතක් වෙන්නෙ නෑ
ඩලස් මහත්තයෝ මිථ්‍යා මතවලින් කොරෝනා පමණක් නොවේ කිසිම ලෙඩක් පරද්දන්න සුවකරන්න බැහැ. නමුත් ලෙඩට බෙහෙත් නැති කාලේ මිනිස්සු තොවිල් කෙරුවා නේද? දැනුත් ලෙඩරෝග වලට තොවිල් කරන මිනිස්සු ඉන්න බව පාරේ දකින ප්‍රේත තටුවලින් බලා ගන්න පුළුවන්. එන්නත් නොතිබ්බ කාලේ තමයි මිනිස්සු මිථ්‍යා මත වල එල්ලුනේ. එන්නත සොයාගන්න බැරි වුණා නම් අලුත් කට්ටඩි කොට්ඨාශයක් ලංකාවේ බිහිවන්න ඉඩ තිබුණා. හැබැයි මහත්තයෝ නැකත් බැලීමත් මිථ්‍යාවක්. වැදගත් වැඩකට නැකතට ගෙයින් දොට්ට බැහැලා වෙලාවට වැඩේ කරගන්න බැරි වෙච්චි අවස්ථා තිබෙනවා. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය අවබෝධ කර ගැනීමට ගිහිගෙයින් නික්මුනේ නැකත් බලලා නොවෙයි. මේ සියල්ලම මිථ්‍යා මත.
ඔබතුමා එක පැත්තකින් දේශීය වෙදකමට ගහන ගමන් බටහිර ක්‍රමය අනුමත කරනවා. පැණි කියන්නේ සිංහල භාෂාවෙන් අවුරුදු ලක්ෂ ගණනක් ඉඳලා මිනිස්සු භාවිතා කරලා තියෙනවා..ඒකම සිරප් කියලා මැතකදී ඉඳලා බටහිර සමාගම් හදලා විකුණනවා.. අපිට සිංහලත්, ඉංග්‍රීසිත් බෑ... දන්නේ රටින් ගෙනැල්ලා විකුණන්න..රට හදන අයම දේශීය දේවල් විවේචනය කරනකොට තව මොනවද?
විශාලා මහනුවර තුන්බිය ඇතිවෙලා මිනිසුන් මැරිලා වලදාන්න බැරිව ඉන්න කොට මිනිසුන් එදා සිටි අන්‍යාගමික පුජකවරු පස්සේ ගියා. නමුත් පිහිටක් නැති වුණා. බුදු රජාණන් වහන්සේ හැමදාම මහා කරුණාවෙන් උදේ හවස බලනවා මම කාටද අද පිහිට වෙන්නේ කියලා. නමුත් බුදු රජාණන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය තුළ කිසිම කෙනෙකුට පිහිට වෙන්න ගියේ නෑ. ජනතා ඉල්ලිම, වුවමනාව නැතුව බුදු රජාණන් වහන්සේ පිහිට වෙන්න ගියානම් ඔවා මිත්‍යා මත කියලා තව තව පව් අකුසල් කර ගන්නවා.. එම නිසා බුදු රජාණන් වහන්සේ ජනතාව පිලිගන්න තැනට අසරණ වෙලා, තේරුම් අරන් අත්දැකීම් මත ආවම විශාල මහනුවරට වැඩම කර රතන සූත්‍රය දේශනා කර සත්‍ය ක්‍රියා කර තුන් බිය දුරු කලා. මේ වගේ අනුවණ ඇමති වරුන්ට එය තේරුම් ගන්න බැහැ.
හොරට නිදන අය අවදි කරන්න බෑ. හැබෑවටම නිදි අය කතා කල හැටියේ අවදි වෙනවා. බුදු රජාණන් වහන්සේ මිනිසුන් දාහකට වඩා මරපු අංගුලිමාලට , දහස් ගණනක් මිනිසුන් එක්ක හිටපු අම්බපාලිට පිහිට වුණා. ඒ අය වරද වරද ලෙස දැක්කා, ආයේ ඒ වරද නොකර බවට අධිෂ්ඨානය කලා, වරදට ප්‍රතිවිරුද්ධ දේ, කුසල් කලා. එම නිසා රහත් වුණා. නමුත් ජේතවනාරාමය අල්ලපු වැටේ සිටි බණ ඇසුණු, මිනිසුන් නොව ඌරන් මරපු ඌරු වැද්දට පිහිට වෙන්න ගියේ නෑ. බණ කීවේ නෑ. තම ගිහි කල මාමා වු සුප්ප බුද්දට, දෙව්දත් හාමුදුරුවන්ට.... බණ කියන්න පිහිට වෙන්න ගියේ නැහැ. ඒ ඇයි ඔවුන් හොරට නිදන අය. අවංක නෑ. වංකයි. වරද වරද ලෙස පිලිගන්න කැමති නැහැ. වරදින් එම නිසා මිදෙන්න බෑ. නිවැරදි දේ/කුසල් කරන්න යොමු වෙන්නේ නැහැ ඒ වරද වරද ලෙස නොපිලි ගන්න නිසා. බුදු දහම තියෙන්නේ අවංක බුද්ධිමත් (පින පව හොඳ නරක දත් ඒ අනුව පව් අකුසල් නොකරන හොඳ කුසල් කරන ) අයට.
හොරට නිදන අය අවදි කරන්න බෑ. හැබෑවටම නිදි අය කතා කල හැටියේ අවදි වෙනවා. බුදු රජාණන් වහන්සේ මිනිසුන් දාහකට වඩා මරපු අංගුලිමාලට , දහස් ගණනක් මිනිසුන් එක්ක හිටපු අම්බපාලිට පිහිට වුණා. ඒ අය වරද වරද ලෙස දැක්කා, ආයේ ඒ වරද නොකර බවට අධිෂ්ඨානය කලා, වරදට ප්‍රතිවිරුද්ධ දේ, කුසල් කලා. එම නිසා රහත් වුණා. නමුත් ජේතවනාරාමය අල්ලපු වැටේ සිටි බණ ඇසුණු, මිනිසුන් නොව ඌරන් මරපු ඌරු වැද්දට පිහිට වෙන්න ගියේ නෑ. බණ කීවේ නෑ. තම ගිහි කල මාමා වු සුප්ප බුද්දට, දෙව්දත් හාමුදුරුවන්ට.... බණ කියන්න පිහිට වෙන්න ගියේ නැහැ. ඒ ඇයි ඔවුන් හොරට නිදන අය. අවංක නෑ. වංකයි. වරද වරද ලෙස පිලිගන්න කැමති නැහැ. වරදින් එම නිසා මිදෙන්න බෑ. නිවැරදි දේ/කුසල් කරන්න යොමු වෙන්නේ නැහැ ඒ වරද වරද ලෙස නොපිලි ගන්න නිසා. බුදු දහම තියෙන්නේ අවංක බුද්ධිමත් (පින පව හොඳ නරක දත් ඒ අනුව පව් අකුසල් නොකරන හොඳ කුසල් කරන ) අයට.
හොරට නිදන අය අවදි කරන්න බෑ. හැබෑවටම නිදි අය කතා කල හැටියේ අවදි වෙනවා.
හරිම රසවත්. අර පැණි ප්‍රමෝට් කරපු නෝනාට මොනව හිතෙනව ඇත්ද? එතකොට ඒ වටේ හිටපු අය කෝ දැන්? ඔබතුමා කියයි, ‘අයියෝ ඕව මොනාද, මේ කට්ටිය ලැජ්ජාව කියන එකේ තේරුම දන්නෙත් නෑ කියල.
හැම වින්නැහියක්ම අපේ රටට වෙලා හමාරයි, දැන්ද මොලය පෑදුනේ.?
ඔය ටික කියන්ඩ මෙච්වරකල් තෙපරබෑවේ අහවල් දේකටද ? සමහරු පැණිය කටේ හලා ගන්නකොට ,ගගට මුට්ටි දානකොට ,උඩින් ගිහින් පිරිත් පැන් ඉහන කොට බකන්නිලා ගෙනන උන්නේ?
මුට්ටි ගඟේ දමපු කාලේ ඔය කට තිබුනේ ලොක් ඩවුන් වෙලාද ?
මෙහෙම දෙපිට කාට්ටු අයට ඡන්දේ දෙන්නේ කවුද.?
දැන් තමයි තේරිලා තියෙන්නේ...
පොහොට්ටුවට තේරුනේ දැන් තමයි, දැන් සැපද.?
විමල් මහත්තයට අහුවුනොත්...
එදා පැණි මුට්ටි සෙල්ලම් දානකොට කටේ පිට්ටු ද තිබුණේ. එදා කට ඇරලා මූණටම කියාගන්න කොන්දක් නැතුව දැන් පිළිකනු ගානේ කියවනවා.
ඕවා කරන, කාලෙ තමුන්නැහෙ කොහෙද හිටියෙ.? කවුන්සිලේදි කට පියං ඉදලා දැන් පොර ටෝක් දෙන හැටි. දුන්න අමස්ත්‍යාංසෙ වැඩ කරල, පෙන්නුවනං.
ඇමතිතුමනි, කරුණාකර “මිථ්‍යාව“ හා “විද්‍යාව“ අතර විද්‍යාත්මක වෙනස අපට පැහැදිලි කර දෙනු මැනවි..! ඔබ වන් විද්‍යාත්මක අමාත්‍යවරයෙක් කැබිනට් මණ්ඩලයේ සිටීම අපහට සාඩම්බර දේශාභිමානයක්...
පාර්ලිමේන්තුවට පැනි ගෙනල්ලා පොවනකොට ඔහේ කොහෙද හිටියේ ?මිනිස්සු රවට්ටන්න දැන් බොරුවට බබා පාට් දානවා
ඔය ටික කියන්න මාධ්‍ය ඇමති වෙන්නම ඕනෑද? කෙරවලපිටිය ගැන කැබිනට් පත්‍රිකාවේදී මොකුත් නොදන්න බව පැවසූ නිසා ජන මාධ්‍ය ඇමති හැටියට දැම්මා නේද? හොඳම දේ තමයි ජනපතිට අවශ්‍ය දේ දිගින් දිගටම ජනගත කොට ග්ලෝබල්ස් න්‍යායට අනුව, එම මතය විශ්ව සත්‍යයක් බවට පත් කරන එක. එතකොට ගොඩ. තව තව ඇමති කම්...
මුට්ටි දෙයි එන්නත් ගෙන්වීම පසෙකලා පැණි ප්‍රමෝට් කරනකොට මෙයාලත් ඒවාට හවුල් වුනා.