IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට

(රේඛා තරංගනී ෆොන්සේකා)

බන්ධනාගාර ගතව සිටින ‘දෙමටගොඩ කට් රොෂාන්ගේ’ ගෝලයෙකුද, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු බව කියන සැකකාරියක වන අරුණෝදය මාවතේ ආරි සහ අයිස්, හෙරෝයින්,ගංජා  ළඟ තබාගත් සැකකාරයන් සහ වරෙන්තුකරුවන් 7 දෙනෙක් ඇතුළු 22දෙකක් මත්ද්‍රව්‍යද සමග අද (22)ඔබේසේකරපුර දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

වැලිකඩ පොලිස් බල ප්‍රදේශය පුරා අපරාධ දූෂණ මර්දනය කිරීමේ අරමුණින් පුරා පැය පහක වැනි කාලයක් තුළ පොලිස් කණ්ඩායමක් යොදා ගනිමින් සිදුකළ හදිසි වැටලීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරයන් අතර අයිස් ළඟ තබාගත් සැකකරුවන් 5 දෙනෙකු, හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු සහ සැකකාරියක ද හෙරොයින් පානයට ඇබ්බැහි වූ සැකකරුවන් 5 දෙනෙකු ද ගංජා ළඟ තබා ගත් සැකකරුවන් 3 දෙනෙකු ද වරෙන්තුකරුවන් 7 දෙනෙක්ද වන බව පොලිසිය පවසයි.

දෙමටගොඩ කට් රොෂාන්ගේ ගෝලයා යැයි කියන අය සතුව තිබී  හෙරෝයින් ග්‍රෑම් 2.8 ක් ද අත්අඩංගුවට ගත් අය අතර සිටින සැකකාරිය වන අරුණෝදය මාවතේ ආරි යන අය සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් (2120) ක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23,22,47,42 යන වයස් කාණ්ඩවල පසුවන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සහ ජාවාරම් සිදුකරන පුද්ගලයන් බවද පොලිසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් දෙදෙනා අලුත් කඩේ අංක 4 දරණ අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site