( දිල්රුක්ෂි ග්‍රේරු සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාතාල සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන ‘චාමර‘ හෙවත් ඇන්ඩෘෘගේ වත්තේ චාමර නැමැත්තා මට්ටක්කුලිය, මාදම්පිටිය පල්ලියක් අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් මාදම්පිය ප්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදී මොහු අත්අඩංගුව ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පැදවු මෝටර් රියෙහි තිබී හොරායින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 460 ක් සොයාගෙන ඇති අතර, අනතුරුව ඔහුගේ නිවෙස් කිහිපයක් පරීක්ෂා කිරීමේදී අල්මාරියක සඟවා තිබු ජීව අත්බෝම්බයක්ද සොයගෙන තිබේ.
කොළඹ ,මහවත්ත මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් සුඛෝපභෝගී අයුරින් ජීවත් වන පුද්ගලයෙකි.
මොහුට විරුද්ධව අධිකරණයේ නඩු රැසක් පවතින අතර, කිහිප විටක්ම බන්ධනාගාරගත වුවෙකි.
එමෙන්ම මොහු 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සහභාගීවු දේශපාලන රැස්වීමකට වෙඩි තැබීමේ සිද්ධියටද සම්බන්ධ සැකකරුවෙක් බව පොලීසිය කියයි.
සැකකරු, දැනට බන්ධනාගාර ගතව සිටින දෙමටගොඩ චමින්දගේ සහ මේ වන විට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයකු බවද ඔවුන්ගේ සහය ඇතිව සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි .
මහාපරිමාණ ලෙස හොරොයින්,කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් ඒවා බෙදාහැරීමට කටයුතු කරන මොහු කොන්ත්‍රාත් පදනම මත මනුෂ්‍ය ඝාතන ද සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම නිලධාරීහු පවසති.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ උපදෙස් මත කළ විමර්ශනයකින් පසුව විශේෂ බළකා නිළධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.


(සැකකරු අත්අඩංගුව ගැනීමෙන් පසු හා පෙර ඡායාරූප )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලතීෆ් මහතාණනි, ඔබට මගේ උත්තමාචාරය පුදන ගමන් ඔබට අවැසි ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ඔබතුමා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. වගකිව යුතු පුද්ගලයන්ට කියන්නේ මෙතුමාට අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන්ම ලබාදෙන්න. මේවා ජාතික අවශ්‍යතා වගේම මෙවන් අයව රැකගැනීම අප කාගේත් පරම යුතුකමකි. ඔබට ජය...!!!
කුඩු විකුනලා මිනී මෑරුවට, ධර්ම චක්කරේ බෙල්ලෙ
ලතීෆ් මහතාණනි, ඔබට මගේ උත්තමාචාරය පුදන ගමන් ඔබට අවැසි ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. ඒ වගේම ඔබතුමා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. වගකිව යුතු පුද්ගලයන්ට කියන්නේ මෙතුමාට අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන්ම ලබා දෙන්න. මේවා ජාතික අවශ්‍යතා වගේම මෙවන් අයව රැක ගැනීම අප කාගේත් පරම යුතුකමකි. ඔබට ජය.
නමෝ බුද්ධාය කියල ගහගෙන යන ලොරියේ හොර හරක් පටවාගෙන යන්නේ පලකයොත් එහෙමනේ මල්වට්ටිය අරගෙන දවල්ට පන්සල් ගානේ රාත්‍රියට අපරාද හොරකම්
ඔබලාගේ අදහස් මම අගය කරමි .
අපිට හිතාගන්න බැරි මොන හේතුවකට මේ වගේ අපරාද කාරයන්ගේ පින්තූර දානකොට මූණ කවර් කරන්නේ කියලා. මෙයාලව ප්‍රසිද්දියේ පෙනන්න ඕනේ. එතකොට තමයි අනිත් අයටත් බලාගන්න පුළුවන් වෙන්නේ කව්ද මේ පුද්ගලයෝ කියලා