IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මත්ද්‍රව්‍ය චෝදනාලද්දන් එල්ලා මැරීමට එරෙහි පෙත්සම සලකා බැලීම සැප්තැම්බර්යේදී

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන්  වරදකරුවන් බවට තීරණය කර  අධිකරණය විසින් මරණ දඬුවම් නියම  කරනු ලැබ සිටින  සිරකරුවන් එල්ලා මැරීමට  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ගත් තීරණයට එරෙහිව  මරණ දඩුවම් නියමව සිටි රැඳවියන් පිරිසක් හා සිවිල්  ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 06 වැනිදා සලකා බැලීමට  පංච පුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  අද(11)  තීන්දු කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණය ක්‍රියාත්මක වීම වළක්වමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ද සැප්තැම්බර් මස 07 තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ද අධිකරණය නියම කළේය.

විජිත් මලල්ගොඩ , එල්. ටී.බී.දෙහිදෙනිය,  මුර්දු ප්‍රනාන්දු ,එස්.තුරෙයිරාජා, සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැදවිණි.ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීන්දු කරනු ලැබුවේ මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්  අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.

දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ් , මොහොමඩ් මිතාර් , හනීෆා ප්‍රහීම් නවාස් , එස්.ඒ සුරේෂ් කුමාර් , සුබ්‍රමනියම් ප්‍රනියමූර්ති ,කේ.එච් .ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ ජයතිලක , එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න , ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක්‍රියාකාරීන්  විසින්  මෙම  පෙත්සම් ගොනු කරන ලදී.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍යවරයා , ජනාධිපති ලේකම් , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිපවරක් ප්‍රතිඥා දී ඇතිබව පෙත්සම්කරුවෝ  කියති.මේ වනවිට මරණ දඬුවම නියම වූ 1600ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛන වල සඳහන් වේ.මේ අතර  එවකට සිටි ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනෙකු එල්ලා මැරීමට අස්සන් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කෙරිණි.එහෙත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.

මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අන්තර් ජාතික ප්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමකි.මෙලෙස මරණ දඬුවම ලැබු සිරකරුවන් අතරින් සිව්දෙනෙකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.එබැවින් මෙම ක්‍රියාව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන්   ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ සුමන්තිරන්, සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී  සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතීඥ ෂවීන්ද්‍ර  ප්‍රනාන්දු  මහතා   ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (1)

මත්ද්‍රව්‍ය චෝදනාලද්දන් එල්ලා මැරීමට එරෙහි පෙත්සම සලකා බැලීම සැප්තැම්බර්යේදී

Raveendra Thursday, 11 February 2021 10:32 AM

ඇත්තෙන්ම එල්ලා මැරීම සුදුසු නැහැ.. ජලයේ ගිල්වා මියයනතෙක් ශරීරය තැබීම වඩාත් යෝග්‍යය. එබැවින් නීති වෙනස් කිරීමට හැකි නම් කොතරම් අගේද?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site