
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් අවි ආයුධ කිහිපයක් සමඟ පුද්ගලයකු අද (10) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
මාලිගාවත්ත පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව මාලිගාවත්ත මැල්වත්ත පාලම අසල සිට ඇපල්වත්ත දෙසට මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව කියයි.
මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 18 ක්, ගංජා ග්‍රෑම් 10 ක්, හෙරොයින් ග්‍රෑම් 02, පොලිස් භාරයට ගත් බව පැවසේ.
පසුව සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔහුගේ නිවසේ තිබී රිවෝල්වරයක්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ හතරක්, රම්බෝ පිහි දෙකක්, හෙරොයින් පැකට් කරන පොලිතීන් පැකට් 1095 සොයාගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.
තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වූ බව ද පැවසේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව ඉක්මනට එල්ලන්න. රටේ දරුවන් ලක්ෂ ගාණක් මේ නිසා නොමැරී මැරෙනවා..