නාලක සංජීව දහනායක
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවන තෙක් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (20) පියවර ගත්තේය.
කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින්වහන්සේ, විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත්, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා,විශේෂඥ මනෝ වෛද්‍ය ධනුජ මහේෂ්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමණී පෙරේරා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ශාන්ති නවුකරාසන් යන මහත්ම මහත්මීහු ඇතුළු කණ්ඩායමක් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරති.
නවීන තාක්‍ෂණය හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයේ දී ලොව දියුණු රටවල් අනුගමනය කරන ක‍්‍රමවේදයන් අධ්‍යයනය කරමින් අදාළ කටයුතු පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබ`දව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමතිවරු ටිකෙන් වැඩේ ආරම්භ කලොත් හොඳයි. කුඩු ජාවාරම්කාරයින් මෙල්ල කරන හැටි පිලිපීන ජනාධිපතිතුමා හොඳහැටි කියල දුන්න බව පත්තරේ තියෙනවා දැක්කා.
ගංජා විකුණන සිල්ලර කඩකාරයෝ අල්ලන්න STF එකෙන් නිලධාරින් දාන්න. ගම්වල බොහොමයක් කඩවල හොරෙන් සිදුකරන ජාවාරමක් වෙලා. හවසට ඇබ්බැහි වුනු තරුණයින් හෙමින් කඩවල් ඇතුලට රිංගලා තමන්ගේ වැඩේ කරගෙන එලියට එනවා. මේක ගම්වල සුලභ සිද්ධියක්. නමුත් ගම්මු ඉදිරිපත් වෙන්න බයයි. සියලුම සිල්ලර කඩවල් ආවරණ වන පරිදි STF ඔත්තු කරුවන් යොදන්න.දැනට අපිට විශ්වාස STF විතරයි .
මොනවා වුනත් හොඳ දෙයක්.
ජනාධිපතිතුමාට බොහොම පින්... මේ කරන මත්ද්‍රව්‍ය මර්ධනය සහ පුනරුත්තාපනයට! බුදු සරණයි, දෙවි පිහිටයි සියලු දෙවියෝ රකිත්වා!
මේගොල්ලෝ පුනරුත්තාපනය වෙන තුරු පාර්ලිමේන්තුව ටික දවසකට වහන්න වේවිද?
අන්න හරි, බෙරිහන් දෙන මානව හිමිකම්කාරයින්ට තේරෙන්න ඕන ජනාධිපතිතුමා කුඩු මර්දනය කරනවා වගේම කුඩුවලින් විනාශවෙන තරුණ පරපුර බේරගන්නත් කටයුතු කරන බව. මේක අවශ්‍යයෙන්ම කලයුතු ජාතික සත්කාර්යයක්.
හොද දෙයක් හැබයි හොයන්න ඕන ඇයි මේවට පිරිස් දැඩි ලෙස ඇබ්බැහි වුවේ කියන එක. ඉල්ලුම තියෙන නිසා තමයි මෙච්චර සැපයුමක් තියෙන්නේ. එම ඉල්ලුම නවත්වන්න පුලුවන් නම් ඉබේම මේ කුඩු වගේ දේවල් රටට එන එක අඩුකරගන්න හෝ නවත්තගන්න පුලුවන් වෙනවා. හැබයි මේවා ගෙන්නන පිරිස් බොහෝමයක් පිටිපස ඉන්නේ දේශපාලනය කරන අය සහ ආරක්ශක අංශවල අයනේ.
STF එකටවත් හොයන්න බැරි දෙයක් තියෙනවා, මේ රටේ බොහෝ දෙනා රටේ නීතියට ගරු කරන්නේ නැහැ. තමන් හිතන සියලු දේවල් කරනවා . එහෙම වෙන්නේ යම් කිසි දෙයකට ඇබ්බැහිවූවන් ද කියන ප්‍රශ්නයක් දැන් තියෙනවා . ඒ ගැනත් සොයා බැලුවොත් එය අගය කල යුතු කරුණක්.
රට පුරා බාර් ලඟ ලොඩි අය පවා බොනවා...... මේකට පළමුව විසඳුමක් සොයන්න