(නිමන්ති රණසිංහ)

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පැවැසීය.

පුනරුත්ථාපනය වීමෙන් පසු සමාජගත වන සියලුම පුද්ගලයන් සදහා ඉදිරියේදී විදේශ රැකියාවන්හි නිරත විය හැකි ආකාරයට පුහුණුවීම් ලබාදීමට ද කටයුත-ු යොදා ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට සිදුකළ යුතුව ඇත්තේ ඔවුන් නිසි පරිදි පුනරුත්ථාපනය කිරීම බවත්, ඉදිරියේදී පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙන සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේදී පුනරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයක් අලුතින් ස්ථාපිත කිරීමට නියමිතව ඇති බවත්, ඉන් එක් මධ්‍යස්ථානයක් කාන්තාවන් සඳහා වෙන් කිරිමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අද (17) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

මෙම අවස්ථාවට සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්. සිල්වා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතු`ථ පිරිසක් සහභාගී වී සිටියහ.