(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම තිදරු මවකගේ හිසට ඉකුත් 15 දා වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කිරිමට කොන්ත්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක අද (24) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මතුගම ශාන් අරෝස් නැමැත්තාගේ බිරිඳ බවද පොලිසිය කීය.
ඉකුත් 15 දා රාත්‍රි මතුගම ගාමිණී මාවතේ නිවසක් තුල චන්දිමා දිලහානී පෙරේරා නමැති 40 හැවිරිදි තිදරු මව වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී තිබිණි.
එසේ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා තවත් පුද්ගලයන් දෙදෙනකු සමගින් ඉකුත් 9 දා, අත්අඩංගුවට පත්ව ඇති තැනැත්තිය විසින් මතුගම නගරයේ පවත්වාගෙන යන මූල්‍ය ආයතනයකට පැමිණ කඩු පොලුවලින් පහරදී අලාභහානි සිදුකර තිබු බවද පොලිසිය සඳහන් කරයි .
එම පහරදීමට පලිගැනීමක් ලෙසින් ඔහු ඝාතනය කිරීමට කල උත්සහය ව්‍යර්ථ වීමෙන් පසු ඔහුගේ බිරිඳ ඝාතනය කරන්නට ඇති බවට සැක පලකරන බවද පොලිසිය කීය.
සැකකාර කාන්තාව කොළඹ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරිනි තනතුරක් දරණ බවට ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය .
COMMENTS
ගසට, පොත්ත සේ දේශපාලුවන් සමග පාතාලයින් සම්බන්ධ බවට මෙයත් කදිම උදාහරණයකි. මෙය අප රටේ තිබෙන සෑම දේශපාලන පක්ෂයකම තිබෙන ප්‍රධාන ලක්ෂණයකි. එකෙකුටවත් තම හිතට එකඟව කිසිවිට කීමට නොහැක. අනේ අපි පාතාලයින් සමග කිසි සම්බන්ධයක් නැති බවට...
ඇමතිගෙ සම්බනධීකරණ නිලධාරිනි පාතාලයෙකුගේ බිරිඳක්. හිතාගන්න පුළුවන්නේ ඉතිරි ටික...
අපේ රටේ සිදුවන 99%ක් බලුවැඩ පිටිපස්සේ ඉන්නේ දේශපාලකයෝ. මිනිස්සුනේ මේක තේරුම් ගන්න. එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා...