
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පයාගල ඇතුළු ප්‍රදේශ ගණනාවකට හොරෙයින් මත් කුඩු බෙදාහැරීමේ නිරත වූ ‘ පයාගල උක්කුවා‘ ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් රුපියල් ලක්ෂ 2 මත්කුඩු සමඟ අද ( 24) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 10 ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන 4 පොලිසිය බාරයට ගෙන ඇත .
පයාගල ප්‍රදේශයේ තරුණයන්ට මත් කුඩු බෙදාහරින පුද්ගලයා වන උක්කුවා නමැත්තා අධිකරණය මගින් ලබාදී තිබෙන වරෙන්තු දෙකකට අවශ්‍ය පුද්ගලයෙක් බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරු වන සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් හතරකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.