
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටී.
ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තා පිළිබද හෙළා දකිමින් මහ බැංකු අධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව කියා සිටී.
මූඩීස් ආයතනය , ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට නැවත වරක් අසමත් වී ඇති බවත් , විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් තීරණාත්මක උත්සාහයන් අතාර්කිකව නොසලකා හැර ඇතැයි ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දේ.
මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවත් , ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බව ද මහ බැංකු අධිපතිවරයා සිය ට්විට්ර් සටහනේ සදහන් කර ඇත.
ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේය.
COMMENTS
මදැයි... මහ බැංකුව බාරදුන්නු කෙනා. ඔහුයි අසමත්... පුදනකොටම කාපි යකා...
ඔය වගේ ගොන් කතා ඉස්සර කිව්වේ මර්වින් සිල්වා...
පිස්සෝ හැමවිටම හිතන්නේ අනිත් අයට පිස්සු කියලා.
කඩා වැටෙන ආර්ථිකයක් සහිත ග්‍රීසියේ බැඳුම්කර ආයෝජනයක් කරපු කෙනා කවුද ආයුබෝවන්?
අපිත් එක්ක ගණුදෙනු කරන ජාත්‍යන්තර ආයතන මූඩීස් ආයතනයට වඩා කබ්රාල්ව පිළි ගන්නවානේ...!!! මේ මනුස්සයා ඇවිල්ලාත් පුදුම උද්දච්චකමක් තියෙන, තමන් තරම් දන්න කෙනෙක් තවත් නෑ කියලා හිතන් ඉන්න රට පණ්ඩිතයෙක්. මෝඩ, ඔලමොට්ටල, තකතීරු වැඩකරලා පස්ස බිම ඇණුනාම හැමදාම කලේ සිහිවිකල් වෙන්න බී ගත්ත මිනිස්සු දානවා වගේ බොරු චණ්ඩි පාට්. එහෙන් චීනය අපේ මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කළා. චීනය කෙලින්ම කලේ, උඹලාව අයිති අපිට, ඒක අමතක කරලා නිකන් චණ්ඩි පාට් දාන්න හදන්න එපා වගේ අනතුරු ඇඟවීමක්...
එ්ක තමයි අපිටත් මේක විශ්වාස කළ නොහැකි... මොකද්ද රනිල්, කබ්රාල්, පී.බී ජයසුන්දර, කබ්රාල් සහ ආසියාවේ හොඳම මුදල් ඇමති රවී කරුණානායකලා වගේ ආර්ථික ඔස්තාර්ලා ඉන්න මේ රටේ ඔහොම වෙන්න බැහැ...
“මුඩීස්’’ ඕනෑ නෑ.. ඔබතුමා හදන්න බයිඩීස් කියලා... දර්ශකයක්. එතකොට හරිනේ.
ඉහත අදහස් වලින් පෙනී යන දෙයක් නම් කබ්රාල්ව විවෙචනය (ඔහුගේ කාලයේ සිදුවූ දේ ජාත්‍යන්තරවත් ප්‍රසිද්ධයි) කරන විට රවී කරුණානායක හා රනිල්ගේ වැරදි ගෙනහැර දැක්වීමයි. අප රටේ මිනිසුන් එක් පක්ෂයකට ගැතිවිය යුතුයි.. කියන සංකල්පය හා වහල් මානසික දූපත් ක්‍රමය ජනයා තුළ විදහා දක්වන්නේ අද ඊයෙක සිට නොවේ. මේ විදියට කළ දුටුකළ වල ඉහගන්නා දේශපාලකයින් බිහිවී ඇත්තේද මෙවැනි අවස්ථාවාදී මිනිසුන් දේශපාලකයින්ගේ පසුපස ගොස් ඔවුන් වර්ණනා කොට වාසි ලබාගැනීමේ දීන පුරුද්ද අත් හැරීමට නොහැකිව මේ රටේ සැමදා සිටින නිසාවෙනි....
කබ්‍රාල්ලා වගේ උගත්තු ඔය ආයතනවල නෑනේ... ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකුත්...
මහබැංකුවක් හිස්කරපු කෙනෙක් අන්තර්ජාතික පිළිගත් ආයතන වලට මෙහෙම කීම විහිළුවක්..!!!
අද රට පත්ව ඇති තත්වයට වග කිව යුත්තේ මුඩීස් ආයතනය හෝ කබ්රාල් නොව, අපට දැරිය නොහැකි අන්දමට ණය ගැනීමට තීරණය කළ මේ රට පාලනය කළ රජයන් සහ ඒවා පත් කළ උදවිය මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි...
ඔව් ඔව් ලෝකෙම අසමත්.. මෙයා විතරයි සමත්...!
හොරෙක් ගිය උඩක්
මූඩිස් ආයතනය නිකම්ම ආවට ගියාට ණය වර්ගීකරණය පිළිබඳ නිගමනවලට එන්නේ නැහැ. මේ නිගමනවලට එන්නේ ලොකයේ සියළුම රටවල් සමග සංසංදනය කිරීමෙන්. සත්‍ය වසංකර සැමවිටම ආණ්ඩුව බේරාගන්න මෙවැනි මුසාවාද ඉදිරිපත් කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහා බව පෙනෙන්නට තිබේ...
එහෙමයි මහ බැංකු අධිපති ඇමැතිතුමෝ...
ගොන් කබරයා සහ එයාගේ අති බුද්ධිමත් මුදල් ඇමති වගේ තකතීරු හොරු මූඩීස් වගේ ආයතන වල නෑ. ඒක නිසා අපේ රටේ කෙරෙන හොර ක්‍රියාදාම නොතේරීම පුදුම නෑ.