(සුජිත් හේවාජුලිගේ )

ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 10ක තොගයක් ලබන 15 වැනිදා මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය .

එම එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර අස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක්ද ඉදිරි දිනවල ලැබීමට නියමිතව ඇති බවත් ඒවා කොළඹ ප්‍රදේශයේ ජනතාවට ලබා දීමෙන් පසුව ඉතිරිවන අට ලක්ෂ හැට දහසක එන්නත් තොගය කෑගල්ල ප්‍රදේශයට ලබාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ඉදිරියේදී ලැබෙන ෆයිසර් එන්නත් වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශවල ජනතාවට ලබාදෙන බවද ඔහු කීවේය.