IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මඩකලපු විරෝධයට වියාලේන්ද්‍රන් ඇතුළු 5 කට නොතීසි

(ඉන්දිකා රාමනායක)

මඩකලපුව දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා ඇතුළු පස්දෙනකුට මෙම 30 වැනිදා මඩකලපුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත්වරයා අද (28) නොතිසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ මොහොමඩ් නසාර් මොහොමඩ් ආසාද් නැමැත්තාගේ ශරීර කොටස්  මඩකලපුව කල්ලියන්කාඩු  සුසානභූමියේ  භූමදානය කිරීමට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් ඊයේ (27) උද්ඝෝෂණයක නිරතවූහ.

මඩකලපුව මහේස්ත්‍රාත්වරයා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිකුත් කළ නියෝගයකට අනුව මෙම ත්‍රස්තවාදීයාගේ  සිරුරු කොටස්   ඉකුත් 26 වැනිදා  කල්ලියන්කාඩු සුසාන භූමියේ  මිහිදන් කළ බවත් එයට උරණ වු  ප්‍රදේශවාසීන් පිරිසකට ඊයේ  (27) රාත්‍රීයේ කදුලු ගෑස් ප‍්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

පොලිසිය ඊයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවත් එහිදී  මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී  වියාලේන්ද්‍රන් මහතා ඇතුළු ඔහුගේ හිතවතුන් සිව් දෙනකු සිටි බවට අධිකරණයට කරුණ වාර්තා කර තිබිණි.

එම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනාට නොතිසි නිකුත් කළේය.

  



අදහස් (0)

මඩකලපු විරෝධයට වියාලේන්ද්‍රන් ඇතුළු 5 කට නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site