(ටී එල් ජව්ෆර්කාන්)
මඩකලපුව ශික්ෂණ රෝහලේ අද (13) උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි.
කොරෝනා රෝගීන් මඩකලපු රෝහලට ඇතුළත් නොකරන්නැයි තරුණයින් පිරිසක් උද්ඝෝෂණයේ නිරත විය.
රෝහල් අවට කෝලහල මැඩපැවැත්වීම සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශාල පිරිසක් යොදවා තිබේ.
රෝහලට ප්‍රතිකාර සඳහා සාමාන්‍ය රෝගින් රැගෙන එන ගිලන් රථ රෝහල් පරිශ්‍රයට ඇතුළු වීම වැළැක්වූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ. ඔන්න ඔහොම ඉන්න. මුළු ලෝකයටම වසංගතයක් වෙලා තියෙන කොරෝනා වලින් අපේ රටේ මිනිස්සු ආරක්ෂා කරන එක පවතින රජයේ පරම යුතුකමක්. ඒ හින්දා ඊට එරෙහි වෙන සියලු දෙනා කොරෝනා වසංගතය ඉවර වෙනතුරු හිරේ දාන්න. කොරෝනා නිරෝධායනට හමුදාවේ සහයෝගය ගැනීමට විරුද්ධවන අය වහාම අත්අඩංගුවට ගත යුතුයි. ලංකාවේ මිනිස්සුන්ටත් කොරෝනා හැදිලා මිනිස්සු හුඟක් මැරිලා රටත් විනාශ වෙනවා දකින්න කැමති අය මේ. උතුරු කොරියාවේ ඔහොම කරා නම් නම් වෙඩි තියලා දානවා.
රෝගියෙකු අරෝග්‍ය ශාලාවකට ඇතුල් කිරීම නොකළ යුතුයි කියන්න මේ අයට තියෙන බලය මොකක්ද? මේ අය තිරිසනුන් නොවේද ? රටක ව්‍යසනයකදී පුරවැසියන් මෙසේ තිරිසන් විදියට හැසිරීම අප නම් කිසිවිට අනුමත නොකරන අතර ඔවුන්ට දඬුවම් දෙන ලෙස අප ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන්ම නිවට ජාතිවාදී දේශපාලුවන් මෙය පිටුපස ඇති බව නම් විශ්වාසය.
ඒ අයට කොරෝනා වයිරස් එක එන්නත් කළා නම් හරි...
අනේ අපේ රටේ මිනිස්සු. මේක නූගත්කම මිසක් වෙන දෙයක් නෙමෙයි. අනිත් රටවල්වල අය රෝගීන්ට උපකාර කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනකොට ඔන්න අපේ අයගේ හැසිරීම... මේ වගේ දේකට අර අලි ගැන කතා කරන අයත් නිහඬයි. ඇයි මේවාට කතා කළාට ඩොලර් ලැබෙන්නේ නැහැනේ...
හරියට හරි. මෙයාලා හිතන් ඉන්නේ ඔක්කොම තම බලය පෙන්නලා කරන්න. ඇප දෙන්න බැරි විදියට කූඩු කරන්න...
ඇයිද දන්නේ නැහැ... අර හැඳල පැත්තේ උද්ඝෝෂණය කරපු අයව අත්අඩංගුවට ගත්තේ නැත්තේ? එතන ස්වාමීන් වහසේලා නමකුත් හිටියා... ඉතින් දෙමළ, මුස්ලිම් මිනිස්සු කියන එකත් හරි කියලා හිතෙනවා.
අනිවාර්යයෙන් ජාති භේද, උතුරේද දකුණේද සහ තරාතිරම නොසලකා, මෙවැනි ජාතික ව්‍යවසනයක් මර්ධනය කිරීමට ගන්නා පියවර වලට විරුද්ධව, උද්ඝෝෂණ, විරෝධතා, සාකච්ඡා දෙන පුද්ගලයින් ඇතුළු සියලුදෙනාම අත්අඩංගුවට අරන් දඬුවම් කරන්න.