IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‍‍’’මට කාගෙවත් බඩට ගහන්න ඕනෙ නෑ’’

(ඩයනා උදයංගනී)

විපක්‍ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂනායක ධූරය භාරගන්නා බවට පැතිර යන කතාවන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (21) පැවති සම්මාන උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පසුගිය කාලයේ නැගූ හඬ දැන් යටපත් වී තිබෙන්නේ ඇයිදැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවත් දිස්ත්‍රික්ක පහ හයක පක්‍ෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත බවත්, ඒවායේදී යළිත් සද්දය ඇසෙනු ඇති බවත්ය.

මධ්‍යම කාරක සභාව හෙට (21) රැස්වන්නේ විශේෂ තීරණයක් ගැනීමට නොවන බවත් එය වසරේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම බවත් කී හිටපු ජනාධිපතිවරයා නව සන්ධානගතවීම් සිදුවුවහොත් සිදුවන්නේ ඉදිරි දේශපාලන පෙරලි සමඟ බව ද කීවේය.



අදහස් (9)

‍‍’’මට කාගෙවත් බඩට ගහන්න ඕනෙ නෑ’’

ඇත්ත කියන දිව Friday, 21 January 2022 09:36 PM

ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවා මේ හැමෝම ‘ජනතා සේවය’ යැයි කියමින් කරන්නේ ජනතාවගේ මුදල් භාවිතා කර රැකියාවක් කියන එක. අපේ රටේ දකින දකින හැම හොරුන්ටම වැඳ වැඳ යන්න පුරුදුවෙලා ඉන්න හරක්ට මෙහෙම කිව්වත් යථාර්ථය තේරුම් යන්නේ නැහැ. 48 දී දුන්න නිදහස නොලැබුණු මුග්ධයින් තාම වහල් කමින් පෙලෙනවා...

:       1       21

චන්දන Saturday, 22 January 2022 07:14 AM

සම්පූර්ණ ඇත්ත... මෙයාට කවුද ඔය තනතුර යෝජනා කලේ? මුල්ලේරියා මානසික ලෙඩක් වෙන්න ඇති. රටත්, පක්ෂයත් විනාශ කරපු කෙනා දේශපාලනයෙන් ඉවතට දැමිය යුතුයි.

:       0       10

gampila Friday, 21 January 2022 09:54 PM

ඇයි බඩට ගහන්නේ? අර බූවල්ලයි, මඩුවලිගයයි තියෙනවා නේද?

:       0       24

ravin Friday, 21 January 2022 09:55 PM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව කරපු වැඩවලින් මනාව ඔප්පු වේ...

:       0       24

Nandi Friday, 21 January 2022 10:46 PM

පාස්කු බෝම්බයේ කඳුළු මිනිසුන්ට අමතක නැත...

:       0       7

nihal Saturday, 22 January 2022 02:20 AM

අපේ රට ආපස්සට අරන් ගිය තමුන්ලා හොඳයිද?

:       0       6

යෝගා Saturday, 22 January 2022 05:26 AM

ඔයා වෙනුවෙන් වචන නාස්ති කරන්නවත් මේ රටේ බහුතරයක් මිනිස්සු කැමති නෑ..

:       0       7

rocky Saturday, 22 January 2022 06:57 AM

එක ෂොට් එකෙන් මුලු ජාතියටම බඩට ගහපු මම මොකටද එකඑක්කෙනාගේ බඩට වෙන වෙනම ගහන්න යන්නේ...?

:       0       9

සුද්දා Saturday, 22 January 2022 05:56 PM

කොළඹ හතේ මන්දිරයක් අරන් මහජනතාවට බඩට ගහපු එකේ තව මොනවා අමුතුවෙන් ගහන්නද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site