(ඩයනා උදයංගනී)
"මිනිසුන් අවුස්සන දේශපාලනයට හසු නොවී අනාගත පරපුර වෙනුවෙන් පෙළගැහෙන්න” යැයි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් ඒ වෙනුවෙන් නොබියව තීරණ ගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට බිය නොවන බව කී ජනාධිපතිවරයා තමා ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට බවත්, තමා ඔවුන් තැබූ විශ්වාසය කඩ නොකරන නිසා ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගත යුතු බවත් පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට
අද (23) පෙරවරුවේ එක්වෙමිනි.
පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය.
අනතුරුව වගාබිම් වෙත පැමිණි ජනාධිපතිවරයා එහි වගා කර තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් මෙන්ම කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද නිරීක්ෂණය කළේය.
ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කරන අතර අක්කර 13ක පමණ වූපොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු දගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදාගනිමින් සිදු කරයි.
තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ගැනීමට සූදානම් බවද කීවේය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටියදීත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.
ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ ඇතිකසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය.
මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, යූ.කේ. සුමිත්, සමන්ප්‍රිය හේරත්, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ සිටින ජනතාව කැමතිම ඇමතිවරුන් දෙදෙනාම සමග ජනධිපති කුලියාපිටියට...!
කාබනික පොහොර සදහා ගොවියන් උනන්දු කල යුතු වේ. නමුත් මේ දිනවල රටේ පවතින උග්‍ර පොහොර හිඟයට පිලියමක් වශයෙන් නැනෝ තාක්ෂණය අනාගත පරම්පරාවේ භාවිතය වනු ඇති බව ඉන්දියාවේ සිටින ලංකාවේ මහා කොමසාරිස් වරයා කියා සිටි.
ගොවියන් දැනගතයුතු කරුණ වන්නේ පත්‍ර වල පුටිකා හෝ stomata තිබෙනුයේ ශාක පත්‍රයේ යටි පැත්තේය. පුටිකා පිහිටා තිබෙනුයේ ශාකයට අවශ්‍ය වාතය ලබා ගැනීම සදහා මිස ආහාර ලබා ගැනීම සදහා නොවේ. ආහාර ලබාදීම සදහා සහ වාතය ලබාගැනීම සදහා සොබාදහම මගින්ම ශාකවලට සහ සතුනට ක්‍රමවේද ලබාදී ඇත. ලෝකයේ ආදී සීතල රටවල මාස තුනක් වැනි කෙටි කලකදී වගාවන් සදහා විශේෂයෙන් එළවලු සදහා නැනෝ නයිට්‍රජන් පොහොර හෝ යුරියා ද්‍රව පසට එකතු කරනුයේ කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා වේ. නමුත් කිසිදු ආකාරයකට මහා පරිමාණ ගෝවීන් පලිබෝදනාශක හැර කිසිදු පොහොර වර්ගයක් ඩ්‍රෝන යාත්‍රා මගින් විසුරුවාහැරීමක් නැත. නැනෝ තාක්ෂණය අනාගත පරම්පරාවේ භාවිතය සහ අලුත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට කලයුතුවන්නේ කෙසේද කියා හොදින් අවබෝද කර ගතයුතුවේ. අනාගත පරම්පරාවේ භාවිතය සහ අලුත් පැති සමාජ ආර්ථික පරිවර්තනය සොබා දහමට විරුද්දව නොයා යුතුවේ.
වෙන වැඩක් නැත්නම් හොඳයි මේවා
ලෝකයේ රට රටවල් දියුණු කළ නායකයින් සිටියා ඔගස්ටස් සීසර්,ඇන්ජෙලා මර්කර්,ජුලියස් නියරේරේ,ලී ක්වාන් යූ, මහාතීර් මොහොමඩ් ඔවුන් සියලු දෙනා තම පවුලේ එක්කෙනෙක්වත් පාලනයට ලං කර ගත්තේ නැහැ.
ආඩම්බරයි ජනාධිපතිතුමා අපි දන්නවා අපිට විස්වාසයි ඔබතුමා අපිව බලා ගන්නවා කියලා. බුදු සරණයි
ඇමෙරිකාවේ ජනතාවටද.?
හාල් පරිප්පු අඩු කරන්න නෙමෙයි මයෙ දෙය්යො.... අර හිරේ ඉන්න මිනී මරු ගෝලයෝ නිදහස් කරන්නයි.. මරණ දඬුවම ලැබිච්ච ගෝලයෝ පාර්ලිමෙන්තු දිවුරුම් දෙව්වන්නයි. පුලුවන් නන් රටේ සම්පත් ටික විකුනලා නිරූපමාලා වගේ පැන්ඩෝරා වලට අහු නොවී පිට රට බැන්කු වල දාගන්නයි... ආ අමතක උනා...අර නඩු ටික...එව්වත් ඉල්ලා අස් කරවා ගන්නයි.
මට මතක්වුනා කපුටා සහ කේජු කෑල්ලේ කතාව. 2021 ජිවත්වන එකම එක ගොවියෙක්වත් ඔබගේ බොරු වලට රවටෙන්නේත් නැහැ. ආයේ ඡන්දෙ දෙන්නෙත් නැහැ. ඡන්දෙ හිගාගෙන අපේ ගෙවල් පැත්තේ බඩගාන්නත් එපා. ඡන්දෙ දිනන්න දෙන්නෙත් නැහැ. රාජපක්ෂලා ඔක්කොම උන්ගේ හෙන්චයියොත් සමගම මීළඟ ඡන්දෙදි ගෙදර අරිනවා පමණක් නොවෙයි... තව තව වැඩ තියේවි.
මේ ගොවිපලේ නිෂ්පාදනය කරන දේවල් විකුණන මිල ගණන් දැම්මා නම් තමයි කාටත් බලාගන්න පුළුවන් කී දෙනෙක්ට මේවා මිලදී ගන්න පුළුවන් කම තියනවද තියලා. මේ කරන විකාරය නිසා වෙන දේ හිතාගන්න බැරි තරමට බයයි.
රටේ ජනාධිපතිතුමා ඡන්ද ගැන නොසිතා තීරණයක් අරන් තියෙනවා. ඒ සදහා උදාහරණ ඔනිතරම් පේන්ඩ තියෙනවා . හොද දෙයක් කරන්ඩ ගියාම එක කරන්ඩ දෙන්නේ නැතිව දියව් දියව් කණ්ඩායම පෙළපාලි යනවා. මිනිස්සු ඒකට විරුද්දව පෙළ ගස්සනවා. ඊට අස්සේ අහනවා අවරුදු 74 ක් මොනාද කරේ කියල. අවරුදු 74ම කරන්ඩ දෙන්නේ නැත්තේ ඇයි කියල දියව් දියව් කණ්ඩායමෙන් අහන්ඩ කව්රුත් නැ.
ඔන්න පට්ටපල් බොරුවක් කිව්වා. තිස් වසරක යුද්ධය අත ගාන්න එපා කියල බොහෝ දෙනා කියලත් එක අවසන් කරාලු. යුද්ධය දිනන්න සැලුම් කලේ සහ යුද්ධය මෙහයවුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ යුද්ධය කලේ මේ රටේ දුප්පත් රණවිරුවන් බව කව්රුත් දන්නා කතා. නමුත් මෙයා 1990 දී යුද්ධයත් සහ රටත් දාල ඇමෙරිකාවට ගියා.
ජනාධිපතිතුමනි, ඔබේ දෙපා පස්සට ගන්න එපා. ඔබ කුමක් කරන්නද යන්න සියල්ලන්ටම වැටහෙනු ඇත. නමුත් ගොවීන්ට අමාරුයි ඔවුන්ට යම් උපකාරයක් ලබා දෙන්න ඔවුන් සතුටු වෙනවා. සියලුම කණ්ඩායම (පාර්ලිමේන්තුවේ) ජනාධිපතිවරයා මෙන් සිතිය යුතුය.
ඒක හින්ද වෙන්න ඇති මිනි මරුවො නිදහස් කරල රජයේ තානාන්තර පිරිනමන්නෙ.
ලංකාව හැමදාම ගල් යුගයේ තියාගෙන ගොනාට අන්දගෙන අධිරාජ්‍යවාදී බිල්ලා පෙන්නලා වාසිය කාටද.?
ගරු ජනපති තුමනි, කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් කෙරෙනා වගාව ඉතා හොඳයි. එහි කිසිදු විවාදයක් නැහැ. ඒත්, රසායනික පොහොර එකදිගටම යෙදීම නිසා පාංශු ජීවීන් විනාශවී ඇති පස ක්ෂණිකව කොම්පෝස්ට් යොදා යථා තත්ත්වයට පත් කරන්න අමාරුයි. එය ක්‍රමානුකූලව කළයුතු දෙයක්. එසේ එක්වර කරන්නට යෑමේ අහිතකර ප්‍රතිඵල තමයි අද ගොවියා අත්විඳින්නේ. මේ තත්ත්වය ප්‍රායෝගිකව ගොවියා දැනගත්තත්, සීතකාමරවල සිටිනා උපදේශකවරුන් වටහාගෙන නැහැ. මෙන්න මේ හේතුව නිසා තමයි ගොවියාත් රජයත් අතර ප්‍රශ්න ඇතිවුනේ. ඒ නිසා මේ සම්බන්ධව ගොවියා සමග එක්ව ඔවුන්ගේ සහයෝගය ඇතිව කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් කෙරෙනා කෘෂිකර්ම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න. ස්තූතියි.
ඔබ හරි දේ කරනවානම් ප්‍රශ්නයක් නැහැ 69 ලක්ෂයක් එහෙම හිතුවෙත් දැන් පෙන්නේ තියන විදියට නම් කොරපු මොකද්ද හරියට කොරේ කියනඑක අර 69 ලක්ෂේටත් ප්‍රශ්නයක් නෙව. මම හූනා කිව්වවගේ එකෙක් කියන්නම් මහත්තයෝ මම ජීවිතේ නායකයෝ නායිකාවෝ අනාගන්න හැටි ගොඩක් දැකල තියන කෙනෙක් හැබැයි ඔබ මේ පෝර පරශ්නේ ආපහු අනිත් ඒවා වගේම රිවර්ස් නොකරොත් අනාගන්නේ මාර අනාගැනිල්ලක් මේක ලංකා ඉතිහාසයේ දරුණුම ව්‍යසන වලින් එකෙක් වෙනවා වෙනවා මයි.
ඔච්චර ජනාතාව ගැන හිතන ඔයාට ඇයි අනේ ඕක මේක වාරිකේ ගෙවන්න ලන් වෙද්දිම ඔලුවට ආවේ. ඇයි ඉතින් පලවෙනි සැරේ කොවිඩ් ආපුවම පොඩි නියමු ව්‍යාපෘතියක්වත් කරන්න මතක් උනේ නැත්තේ. පෝර ගෙනාවොත් ණය ගෙවන්න සල්ලි නැතුව යනවනේ. එතකොට රාජපක්ෂ ලෙගසිය සවුත්තු වෙනවනේ. ඒක මතක් වෙද්දි නේ ජනතාවගේ වකුගඩුව මතක් වෙන්නේ...
අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරනවා නම් රටේ දේවල් විකුනන්න, විකුනපු දේවල් නැවත පවරාගෙන, විවිධ මිනිස්සු හොරකම්කරපු රටේ සම්පත් පවරාගෙන රට දියුණු කරන්න.
හරි විදිහට හරි දේ කරන්න ඕන නාඩගම් නැතුව.
මහින්දානන්ද සහ ජොන්ස්ටන්ගේ අනුශාසනා නිවැරදිව පිළිපදින්න හරියට ජනතාවට සේවය කරන්න ඕන නම්.
“මට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීමයි“ උදාහරණයක්- ජනතා අධිකරණය තීන්දුව තුළ මිනීමැරුම් චෝදනා වරදකරු බවට පත් දුමින්ද බේරා ගැනීම හා ඔහුව සභාපති තනතුරක් දීම!
ඒක ඇත්ත නැවත ඡන්දෙ ලැබෙයි කියන එක නම් අවිශ්වාසයි.
අපේ මිනිසුන්ට හරිදේ තේරුම් ගන්න බැරිකමයි තිබෙන්නේ? හරි දේ තේරුම් ගත්තා නම් 1977 ජේ.ආර් බලයට එන්නේ නැහැ. හැබැයි ජෙප්පන් තේරුම් ගන්න බවක් පෙනෙනවා. ඒ නිසයි 3%ට වැටුනේ...
ඔබතුමා කරනා දෙය නිවැරදියි... එහි විවාදයක් නැහැ. නමුත් කරන විදිහේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කෘෂිකර්මය ගැන තීන්දු ගද්දී දෙපාර්තමේන්තුවේ සහයෝගයත් පොඩ්ඩක් ඕනෑ වෙනවා. එයාලා මේ වැඩේට එක හෙලාම විරුද්ධයි. එයාලා කියන්නේ 50%ක් කාබනික නම් එක කන්නයක් එහෙම කරන්න ඕනෑ ගොවියෝ කාබනික පොහොර හදාගන්න පුරුදු කරන්නත් එක්ක... එ්කේදී මාලු පොහොර දියරය, ජීව මෘත වගේ කාබනික පොහොර ගොවියන් අතරට යවන්න ඕනි... කෘෂි නිලධාරීන් හරහා. ඊට පස්සේ 100% යන්න පුළුවනි.
වැඩේ හොඳයි. ඒ වුණාට පිළිවෙලකට සහ වැඩේ ගැන දැනුමක් තියෙන, උනන්දුවක් තියෙන අය යොදාගෙන ඕක කළා නම් හරි. නැත්නම් මිනිස්සුන්ට කාබනික ගොවිතැනත් එපාවෙයි. මේකට හොඳ වෙළෙඳපළක් තියෙනවා කියලා මිනිස්සුන්ට කියලා දීලා ගමකට කීපදෙනෙක් මේක කරලා පෙන්නුවා නම් අනික් මිනිස්සු නිකම්ම කරනවා. මොනවා වුණත් අපි මෙච්චර කල් කාල තියෙන්නේ පුදුම වස තොගයක් කියන එක නම් උද්ඝෝෂණ වලින්ම පේනවා...
අදහස් දැක්කහම හිතෙනවා තාමත් වහල්ලු ඉන්නවා කියලා.තව බඩු මිල වැඩි කරන්න
එහෙනම් මුලින්ම මේ රටට කරැමයක් වු මහින්ද, බැසිල් ඉවත් කර පෙන්වන්න. දැන් පොර ටෝක් කරන්නෙ යටින් ගේ්ම්... අපිව රවට්ටන්න බැ මහත්තයෝ.....
චන්දෙ ලැබෙන එකකුත් නෑ .රට දියුණු වෙන එකකුත් නෑ මේ විදියට ගියොත් 69 ලක්ෂයේ අපේක්ෂාවන් හරි හැටි තේරුම් නොගෙනීම අවාසනාවක්
කාබනික පොහොර සහ රසායනික පොහොර දෙවර්ගය සමානව අඩු කිරීමට සහ කාබනික පොහොර වැඩි කිරීම ක්‍රම ක්‍රම යෙන් කල යුක්තක්, යම් දෙයකට හුරු උනා නම් එයින් එකවර අයින් කිරීම ඉතා බැරෑරුම් ක්‍රියාවක්, එම නිසා කරුණු කාරනා පහදා දී කැමති අයට කැමති ආකාරයට වැඩ කිරීමෙන් අන් අය ගේ පලදාව අනුව ඔවුනොවුන් වෙනස්වේ. " ආසියාවේ විශාලතම යූරියා කර්මාන්ත ශාලාව 1980 කේලොග් ඔවර්සීස් නම් ඇමරිකන් කම්පැණිය සපුගස්කන්දේ අවුරුදු 3ක් පමන අති විශාල මුදල් සම්භාරයක් වියදම් දරා සවිකල එම මැශින් ගැන අද කවුරුත් කතා සහ දන්නේද නැත." (ඇයි වැහුවේ කවුද වැහුවේ, එය යකඩ බරට විකුණුවාලු පකිස්ථාන් ජාතකයකුට, නමුත් අන්න ඒ මැශිම (ප්ලාන්ට් ) එක අබුඩාබි රුවේස් වල නිශ්පාදනය තරනවා, ගූගල් හරහා "අබුඩාබි රුවේස් යූරියා ප්ලාන්ට්" කියා බලන්න පුළුවන්.