IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


’“මෙට්රො හෝම්ස් ’’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

මහානගර හා බස්නාහිර  සංවර්ධන අමාත්‍යාංශය කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ  ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ අදියර 3 යටතේ රුපියල් මිලියන 7000 ක වියදමින් ඉදිකරන ලද  නිවාස  626 ක් සහ කඩකාමර 120 කින් සමන්විත "මෙට්රො  හෝම්ස් " මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (01) සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ,විදුලිබල හා බලශක්ති සහ ව්‍යාපාරික සංවර්ධන අමාත්‍ය  රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්, ඉන්දීයානු ජනරජයේ  මහ කොමසාරිස් තරංජිත් සිං සංධු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

 

 



අදහස් (11)

’“මෙට්රො හෝම්ස් ’’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

Raveendra Thursday, 01 August 2019 03:15 PM

බොහොම හොඳයි, බොහොම හොඳයි, තමන්ගේ පුද්ගලික ධනය අත දිග ඇරලා වියදම් කර මේ කරන ලද මහා පුණ්‍ය කර්මයට සූත්තර පුංචාට ලඟ ලඟ එන මහා බූරුවා තේරීමේ තරගයේදී නිතරගයෙන් පිනට (මීට පෙර සැමදෙයම ලැබුණා සේ) රටේ එසේ වීමට ලැබේවා..!! ලංකා මාතාවට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිට ලැබේවා...!!!

:       0       0

vernon Thursday, 01 August 2019 04:42 PM

අද රටට ගැලපෙන්නේ මෙවැනි මාදිලියේ සිරස් විහිදුම් නිවාස මිස ඉඩම් කාබාසිනියා කරමින් ඉදිවන නිවාස කට්ටි නොවේ.

:       0       0

Shiber Abdullla Thursday, 01 August 2019 07:22 PM

ගෙවල් දුන්නු ඔක්කොමගේ නම ලැයිස්‌තුව දාන්න බලන්න.

:       147       349

මුණසිංහ Friday, 02 August 2019 02:07 AM

මෙයාලා තවමත් කරන්නේ අනුන්ගේ ළමයින්ගේ උප්පැන්නවලට තමන්ගේ නම දාගන්න එකයි...

:       0       0

mithra Friday, 02 August 2019 02:42 AM

මේවා පටන්ගත්තේ ගෝඨා. ඒ කලේ මුඩුක්කු කඩනවා කියලා අගමැති බැණ බැණ ගියා. රවී මේ ආණ්ඩුව යටතේ ආයෝජකයාට බාධා කරනවා කියලා... ඉන්දීය ආණ්ඩුවෙන් විරෝධය පල කළා. ඉවර කරන්න මෙච්චර කල් අරගෙන දැන් දෙන්නම ලැජ්ජා නැති කතා කියනවා...

:       0       0

janahitha sathya Friday, 02 August 2019 03:32 AM

ඔබ හරි 70% අක්කර පත්තුව සහ පුත්තලම සිට සංක්‍රමණය වුණා. යුද සමයේ අසරණ වූ ජනතාව අනෙකුත් පිරිස මේ නිවාසවලට කැමති නැහැ. අරගෙන විකුණා දමනවා වැඩි මුදලට එමගින් අවසාන ප්‍රතිඵලය 100% වීම පමණි. විශාල ඡන්ද පදනමක් පාලක පක්ෂයට.. ගෝඨාගේ සංකල්පයෙන් පමාවී හෝ නිමකළා ...

:       0       0

dimu Friday, 02 August 2019 03:48 AM

මෙය ප්‍රමිතියකට ඉදිකළාද යන්න ගැටලුවකි.. පාරේ යද්දිත් කපරාරුවේ ඇද පේනවා. තීන්ත ගෑවෙත් අමුතු විදියට... මේවා ගුණ්ඩු..

:       0       0

චමින්දSaturday, 03 August 2019 06:24 AM

පක්ෂ කණ්ණාඩිය දමාගෙන බැලුවම හැමදෙයක්ම ඇදේට පේනවා. අවුරුදු 72ක් පමණ ඔය කණ්ණාඩියෙන් බැළුව නිසා තමයි මෙරට මෙතරම් දුප්පත් වුනේ.

:       0       0

bandara Friday, 02 August 2019 05:14 AM

සජිත්ගේ කුකුල් කොටු වගේ ගෙවල්වලට වඩා කොච්චර හොඳද? හැබැයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ එක පිරිසකට වගේ...

:       0       0

Chanak los angeles Friday, 02 August 2019 05:31 AM

මේ ඉන්දියාවේ ටාටා සමාගමෙන් හදපුවා නේද? මේකෙන්ලු නේද අර ලේකම් කොමිස් කුට්ටියක්ම කාලා තිබෙනවා කියන්නේ?

:       0       0

SL Friday, 02 August 2019 06:21 AM

දැන් මේ ගෙවලුත් අරගෙන කොම්පඤ්ඤවීදියේ මුඩුක්කුවල ඉන්න අයගේ නම් ලිස්ට් එක දාන්න. මොනවා වුණත් ඕක පටන් ගත්තු කෙනාට කියන්න තිබ්බා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31416 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13685 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11031 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site