
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.
එම ස්වයංක්‍රීය දුරකථන පද්ධතියෙන් හෝ https://dmtappoinments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිසී දිනයක් සහ වෙලාවක් ඕනෑම වේලාවක වෙන්කර ගත හැකි බවත් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවාවන් ලබාගත නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාල වලින් සේවා ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව වෙන් කර ගැනීමට සඳහා ලබා දී තිබූ ලබාදී 0112677877 දුරකථන අංකය සහ 2021 ක්ෂණික දුරකථන අංකය භාවිතා නොවන බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
මේක කවුරුත් දන්නා හොරම හොර ගුහාවක්. ඇතුලට යන්න අවසර දුන්නට පාරේ ඕනේතරම් කාක්කන් ඉන්නවා. ඔවුන්ට සල්ලි දෙන්න විතරයි ඕනේ... ඕනේ හොර වැඩක් දෙනවා. ජනාධිපතිත් ගිහිල්ලා හදන්න බැරි වුණු තැනක් නේ..
මේක හොර ගුහාවක් . නමුත් පැහැදිලිවම කියනන ඔනි.ජනපති ගිය ඒක තාම සාර්තක වුනේ නැ .
මේ වගේ කාලකන්නි ආයතනයක් මේ ලෝකෙම නැතුව ඇති... මහා එකාගේ ඉඳන් යටට යනකම්ම වැඩි හරියක් ඉන්නේ හොරු, පගාකාරයෝ.... ඔය වේරහැර පැත්තේ ඉන්න ලර්නර්ස් කෙනෙක් අල්ලා ගත්තම ඕන දෙයක් ලෙහෙසියට පහසුවට කරගන්න පුළුවන්.... ජනාධිපතිතුමා ගිහිනුත් හදන්න බැරිවූ එක ගැන නම් කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්... එ්ක තනිකරම එතුමාගේ අනිත් හැම එකක්ම වගේ "සංදර්ශනයක් "... කොරපු කෙන්ගෙඩියක් නැහැ නොවැ.. !! මේක නම් පේන විදියට කුහක නොවී කියනවා නම් මාර්ගගත වාහන බලපත්‍ර දෙන ක්‍රමය වගේ, හොඳ වැඩක් වගේ බලමු නේද?