(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් සාදයක් අතරතුරදී පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මිටියකින් සිදුකළ පහරදීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇතැයි හොරණ පොලිසිය කියයි.
හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිගාරයක් තුළ ඊයේ (15) රාත්‍රී පැවැති මත්පැන් සාදයකදී මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය සඳහන් කළේය.
පහරදීමට සම්බන්ධ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 සහ 53 සීමාවල් වල පසුවන කෑගල්ල සහ හෙට්ටිපොළ ප්‍රදේශවල පදිංචි කරුවන් දෙදෙනෙක් බව පොලිසිය කීය.
මළ සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තිබෙන අතර අද දින මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.



2025 දෙසැම්බර් මස 04
14
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිටියකින් කළ පහරදීමකින් දෙදෙනෙක් මරුට
DCSL සහ බැඳුම්කර මෙන්ඩිස් Saturday, 16 May 2020 03:13 AM
මත්පැන් සිගරට් වලින් රටට ලැබෙන ආදායම තමයි මේ. අරක්කු පෙරන්නෝ හරි සතුටු වෙනවා ඇති. මතක තියාගන්න තමන්ගේ පොකට්ටුව පිරෙන්නේ ලංකාවේ අහිංසක ළමයි ලක්ෂ ගානක කන බත්පත ට වැලි දාලා කියලා.
RaveendraSaturday, 16 May 2020 07:11 AM
ඔබගේ වටිනා අදහස් මොවුන්ට ස්ථිරවම නොතේරෙන බව කිවයුතුය. මුදල් ලැබේ නම් ඕනෑම විනාශයක් කරමු යන න්‍යායෙන් වැඩි පිරිසක් ඉන්න සමාජයක මෙන්ම සෘජුවම දේශපාලුවන්ද මෙම පිදේනි තට්ටුවට යහමින් අතගසා තම දායකත්වය ඉහලින්ම ලබාදී ඇති බැවිනි.
ධම්ම Saturday, 16 May 2020 03:31 AM
අයවැය පරතරය පියවීමට මත්පැන් හා සිගරට් මිල වැඩිකිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරන්න එපා. මත්පැන් හා මත් ද්‍රව්‍ය තහනම් කරන්න. අවශ්‍ය අය හොරට පෙරාගෙන බොයි ටික කාලයක්.
බද්රානි Saturday, 16 May 2020 07:46 AM
අරක්කු තිප්පොළවල් සුද්ද කරලා වැඩක් නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ඔලු ගෙඩියි සුද්ද කරන්න ඕනා. සැබෑ ජීවිතයේදී, නිවට වහලුන් ලෙස ජීවත් වෙන මිනිසුන් අරක්කු ටිකක් බී ගත්තාම පුහුවීරයින් ලෙස හැසිරෙන්න උත්සහ කරනවා. ඔතන තියෙන්නේ තනිකරම හීනමානය. අවසානයේ තිරිසන් සතුන්ටත් අන්ත ලෙසයි මේ මිනිස්සු හැසිරෙන්නේ. මේක උගතද, නුගතාද කියලා නැහැ. අපේ රටේ හැම පුද්ගලයෙකුටම මේ රෝගය තිබෙනවා. නමුත් ඔවුන් ප්‍රදර්ශනය කරන ආකාරය ටිකක් වෙනස්....
de silva Saturday, 16 May 2020 09:05 AM
ලංකාවේ මත්පැන් කර්මාන්තශාලාවල හිමිකරුවන් වන්නේ ජොනි, ඇලෝසියස් වැනි ලොකු ලොක්කෝ.... කසිප්පු ජාවාරමත් මෙහෙයවන්නේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්...
Lakmal Saturday, 16 May 2020 09:38 AM
තව බාර් අරිමු.