(නිමන්ති රණසිංහ)
ලේක්හවුස් ජායාරූප මාධ්‍යෙව්දී ගයාන් පුෂ්පකුමාර මහතාට පහරදුන්නැයි අත්අඩංගුවට ගත් කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(19) නියෝග කළාය.
මංජුල පෙරේරා මහතා රුපියල් ලක්ෂ ½ ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මෙම පහරදීමේ සිද්ධිය වූ බවට ජායාරූප මාධ්‍යවේදී ගයාන් මහතා කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට එන්න පළමුව කරටියෙන් කඩා දමන්න. මොවුන් දේශපාලනයට සුදුසු පුද්ගලයා නොවෙයි. පාතාලයේ සාමාජිකයන්...