IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මේජර් ජනරාල් ජානකගේ නඩුව මැයි 2 වැනි දා කැඳවීමට නියෝග

(උපාලි ආනන්ද)

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ නඩුව යළි ලබන මැයි  2 වැනි දා විභාගයට  ගැනීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩු අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ දී ව අද (5) යළි කැඳවිණි. මෙම නඩුවේ  ප‍්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබි නැමැත්තා එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට පත් කෙරිණි.

මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සළකා විභාග කිරිමට අනුරාධපුර විශේෂ  මහාධිකරණයේ හිටපු විනිසුරු මෙන්ම ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන්  විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පත් කළ අතර ඒ  අගවිනිසුරුවරයා විසිනි. 

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා සහ විත්තියේ  නීතිඥ මහින්ද ජයවර්ධන යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය මෙලෙස පත් කරනු ලැබුවාය.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්  අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටින මෙම ප‍්‍රධාන විත්තිකරු වසර පහකට අධික කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවිය.

ප‍්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබි නැමැත්තාට එරෙහිව  නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධි චෝදනා 48 ක් ගොනු කර තිබිණි.

මේ අතර මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවත් ඒ සදහා කුමන්ත‍්‍රණය කළ බවටත් අධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරිමේ අංශයේ හිටපු කර්නල්වරයකුට වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණයෙන්  මීට පෙර නියම කළේය.

මෙම අපරාධයට ආධාර අනුබලදීමේ වරදට  වසර දහයක් ද කුමන්ත‍්‍රණය කිරිමේ වරදට වසර දහයක් ද වශයෙන් වෙන් වෙන්ව මෙම විසි වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම නියම කෙරිණි.

එලෙස  මීට පෙර සිරදඬුවම් නියම කෙරුණේ  දෙවැනි විත්තිකාර මඩකලපුව චෙන්කලඅඩි පදිංචිකරුවකු වන සම්මුගනාදන් සුදාහරන් නැමැති කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝමිබ පුපුරුවා හැරිමේ අංශයේ හිටපු කර්නල්වරයකුටය.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට  සැකකරුවන් නව දෙනෙකු මීට පෙර අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අතර ඉන්  සැකකරුවන් හත් දෙනෙකු එම චෝදනා වලින් නිදහස් කර මුදා හැරිමට එවකට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා සිටි වත්මන් කැස්බෑව  ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

ඒ එම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරිමට තරම් අවැසි සාක්කි නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කර තිබු ලිඛිත දැනුම්දීමක් සැළකිල්ලට ගනිමිනි. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කෙරුණේ 2008 වසරේ ඔක්තෝබර් 6 වැනි දාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ සුදර්ශන ද සිල්වා, සහ රහස් පොලිසියේ නිළධාරිහූ පෙනී සිටිති. අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ චාන්දනී හටංගල,  මහත්මිය ඇතුළු නීතිඥයින් කණ්ඩායමක් පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පෙනී සිටියේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (7)

මේජර් ජනරාල් ජානකගේ නඩුව මැයි 2 වැනි දා කැඳවීමට නියෝග

විජිත් Friday, 05 April 2019 11:58 AM

එතකොට බැසිල් ...?

:       10       50

Chanak Los angelesSaturday, 06 April 2019 05:14 AM

හැංගිලා..

:       37       22

samanSaturday, 06 April 2019 10:50 AM

මමත් අහලා තියෙනවා ඔය කියන කෙනාලු මරාගෙන මැරෙන කොටියාව සල්ලිවලට ගත්තේ...

:       42       17

Chanak Los angeles Friday, 05 April 2019 08:23 PM

මේවා කොටි දෙවෙනියව හුරතල් කරමින් ඔහුව යොදවාගෙන කරපු ඝාතන .. ඇයි අර මර්වින් සිල්වා කියන්නේ ප්‍රසිද්ධියේම වෙන්ඩ බලන් ඉන්න ජනපති මර්වින් ඉදිරිපිටම ආපු ෆෝන් කෝල් එකකට කීවා කියලා ෂූට් ද බගර් කියලා .. වෙන මොන සාක්ෂිද ?

:       0       17

piyasiri Saturday, 06 April 2019 09:05 PM

සමන්, ඒ කතාව මුළු ලංකාවම දන්නවා.නමුත් ඔය කියන හොර දෙටුවාගේ ඒ කාලයේ තිබුන දේශපාලන හයිය නිසා ඒ කතාව වැළලී ගියා.හැබැයි දවසක ඔය කතාව ඇදලා ගත්තොතින් ජනක පෙරේරාගේ කතාව විතරක් නොවෙයි,ජෙයරාජ් ගේ ඝාතනයට කොටියාව ගත්ත හැටිත් එලිවේවි.

:       40       24

abaran Sunday, 07 April 2019 10:23 AM

අයියෝ නිකං කාලය නාස්ති කරනවා.. මේවගේ අගක් මුලක් කවදාවත් හම්බවෙන්නේ නෑ.. නිකරුනේ මහජන මුදල් යොදවනවා..

:       0       14

dhammika Monday, 08 April 2019 11:48 PM

නැහැ මේවට තමයි නන්නාදුනන තුවක්කු කරුවන් ඉන්නේ. දුෂිත දෙස්පාලුවා දැක්කද, දෙනවා ඕඩර් එක සල්ලිත් එක්ක. ඉවරයි.රටට යහපතක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 957 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1021 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site