(මනෝප‍්‍රිය ගුණසේකර)
අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතාට එරෙහි නඩුව ලබන මැයි 27 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (04) තීරණය කළේය.
මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විත්තිකාර අජිත් ප‍්‍රසන්න මහතාට එරෙහිව අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අධිචෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කළ අතර එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීම හේතූවෙන් නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළ බවට අධිකරණ සංවිධාන පනතේ 18 වැනි වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව අධිකරණ ලේඛාධිකාරීවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර ඇත.
මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර අජිත් ප‍්‍රසන්න මහතාට ඇප නියම කර ඇතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවේ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් පසුව විත්තිකරුට එරෙහි නඩුව දිනපතා විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මැයි 27 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මේජර් අජිත් ප්‍රසන්නගේ නඩුව මැයි 27 සිට දිනපතා විභාගයට