(අමදෝරු අමරජිව)
කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් පස්දෙනෙකු හමුවිමත් සමග රෝග ව්‍යාප්තිය පාලනය කිරිම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ත්‍රිකුණාමල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් .කොස්තා මහතා පැවසීය.
ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේදි අද (11) දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කොවිඩ් 19 මර්ධන කමිටු රැස්විමේදී මෙම තීරණයට එළඹි බව ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීය.
මේ අනුව කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 27ක් සොයාගෙන ඇති අතර සංචරණ සීමා පැනවිමෙන් පසු කණ්ඩායම් තුනක් යොදවා රැපිට් ඇන්ටිජන් පරික්ෂණ හා පී.සී.ආර්.පරික්ෂණ සිදු කිරිමට විධි විධාන යොදා ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් කීය.
COMMENTS