IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


“මඟුල් පොකුරු ඇතිවීමේ අවදානමක්’’

(සුජිත් හේවාජුලිගේ)

මංගල උත්සව සඳහා ලබාදී ඇති  අවසරය අවභාවිතා කරන තත්වයක්  පෙනෙන්නට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් "මගුල් පොකුරු" ඇතිවීමේ  අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මගුල් උත්සව සඳහා  සහභාගිවීමට ලබාදී ඇති එක සිය පනහේ උපරිම සීමාව ඉක්මවා යමින් කොළඹින් පිට පළාත්වල මංගල උත්සව පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

තුන් වැනි කොවිඩ්  රැල්ල ආරම්භ වූයේ අවුරුදු සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ නිසා බවත් එම තත්ත්වය සිහියේ තබාගෙන වගකීම් සහිතව කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා පැවසුවේය .

කොළඹින් පිට ප්‍රදේශවල  පවත්වන විවාහ මංගල උත්සව සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු සතුටුදායක නැතැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා සමහරුන් අවසර  සීමාව ඉක්මවා යමින් මංගල උත්සව පවත්වන බවද ප්‍රකාශ කළේය.

රජය සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවට උපරිම වශයෙන් සහන ලබාදීම සඳහා බවත් දෛනිකව ආසාදිතයන් එක් දහස් පන් සියය ඉක්මවා වාර්තා වන පසුබිමක ජනතාව වැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කළේය .

කොවිඩ්  පැතිරීම ගැන විවිධ වෛද්‍ය සංගම් අනතුරු අඟවා තිබෙන බව සඳහන් කළ හෙතෙම  වයිරස  ව්‍යාප්තියට ඉඩ නොතබා සති අන්තයේ  වගකීමෙන් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.



අදහස් (9)

“මඟුල් පොකුරු ඇතිවීමේ අවදානමක්’’

nalin Thursday, 22 July 2021 02:50 PM

අවදානමක් තියේ නම් මිනිස්සුන්ට කටින් කියලා හරියන්නේ නෑනේ... මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ... !!! 

:       16       109

යෝගා Thursday, 22 July 2021 03:04 PM

අවධානමක් තියෙනවා නම් වහාම දැඩි සීමා පනවන්න... අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නැහැ...

:       34       76

මෝ Thursday, 22 July 2021 03:20 PM

මගුල් පොකුරු විතරයිද මහත්තයෝ? ඇයි අර පාරවල් වලට බැහැලා තප්පුලන අම්බරු පොකුරු නැතෙයි...?

:       9       58

මහසෙන් Thursday, 22 July 2021 03:52 PM

කියන කරන රජයක් සහ කියන දේ අහන මහජනතාවක්...

:       8       43

hemantha Thursday, 22 July 2021 05:20 PM

ඊට කළින් ගුරු ගුරු පොකුරු ඇතිවන පාටක් තියෙන්නේ...

:       5       64

කුහක විප්ලව වාදියා Thursday, 22 July 2021 05:59 PM

ස්ටාලින් පොකුරත් බලාපොරොත්තු වන්න...

:       6       77

කිරි පුතා Thursday, 22 July 2021 06:43 PM

කවුරුන්ට නැතත් මෙතුමාගේ වචනයට රටම ගරු කරනු අැති...!

:       5       11

gunarathna Thursday, 22 July 2021 08:21 PM

මහත්තයෝ, මගුල් පොකුරු වලට ඉස්සරවෙලා ගුරු පොකුරක් ඇතිවෙන්න පුළුවන්. රට වටෙන්ම ආපු ගුරුවරු රට වටේටම බෙදලා දායි. මේ ගුරුවරුන්ගේ වැඩිහිටි අම්මලා, තාත්තලා ගෙවල් වල ඉන්නවා නම් ඒ අයට දෙවියන්ගේම පිහිටයි.

:       17       64

yaka Thursday, 22 July 2021 08:46 PM

මොන මගුලක්ද කියලා තහනම් කරන්නයි තියෙන්නේ...

:       21       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 380 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site