(අජන්ත කුමාර අගලකඩ)
පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ විසන්ධි කිරිමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා මෙගාවොට් 128 ක විදුලිය කඩිනමින් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මගින් ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
පවතින වියළි කාලගුණ තත්වය හමුවේ විදුලි ධාරිතාව තවදුරටත් අඩුවන්නේ නම් විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා විදුලිය විසන්ධි කිරිමක් සිදුවනු ඇතැයි ද එසේ නොවීමට නම්, මෙගාවොට් 128 ක අවිනිශ්චිත විදුලිබල ප්‍රමාණයක් ඉතා ඉක්මණින්ම මිලදී ගත යුතුව ඇතැයි ද විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
විදුලිබල මණ්ඩලයේ එම ඉල්ලීම සැළකිල්ලට ගනිමින් ඇමැති අමරවීර මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩුවීම හමුවේ විදුලිය සඳහා නිකුත් කෙරෙන ජල ප්‍රමාණය ද ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මගින් සීමා කර තිබේ.
මේ අතර, දැඩි වියළි කාලගුණ තත්වය හමුවේ විදුලිය ඉල්ලුම ද සිඝ්‍රයෙන් වැඩිවී ඇති බැවින් විදුලිබල මණ්ඩලය ද දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.
ජලාශවල ජල ධාරිතාව තවදුරටත් අඩුවීමට පෙර, මෙම මෙගාවොට් 128 ක විදුලි ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන්නැයි ද විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව, මෙම මෙගාවොට් 128 ක විදුලිය ප්‍රමාණය ඉතා ඉක්මණින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
COMMENTS
වැඩේ හරි වගේ... කල්ල මරේ තමයි සේරගේම... ජයවේවා...!!!
අන්තිමට එන්නේ ඔතනට තමයි. කොමිස් ගැහිල්ලට හැම දේම පිටින් මිලට ගන්නේ හුළං බලාගාර හදන්න බැරිද? ඒවත් පිට සමාගම් කරන්නේ පිටින් විදුලිය ගන්න කෝටි ගණන් වියදම් කරනවා... බලාගාරයක් හදන්නනේ...
මෙච්චර කියලත් සුර්ය බලශක්තිය ලංකාවේ පාවිච්චියට ගන්නේ නැත්තේ ඇයි ? සොබා දහමෙන් දීල තියන සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නෑ. රජය මැදිහත්වෙන්න ඕනි මේවට.