(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දිගින් දිගටම රණවිරුවන් සහ රට පාවාදෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී පැවසීය.
මංගල සමරවීර මහතා අයවැය මගින් සිදුකළ වංචාවන්ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට පාවාදීමට ගත් උත්සාහයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද දිසානායක මහතා කියා සිටියේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා මෙසේද කීවේය.
‘‘මෙවර අයවැය ලේඛනයේන් පෙන්වලා තියෙන ආදායම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක ව්‍යාජයි. එක පැත්තකින් බොරු ගොතලා තියෙනවා. අනික් පැත්තෙන් වැරදි දත්ත ඉදිරිපත් කරලා තියෙනවා.
කැෂිනෝ ක‍්‍රිඩාව එක්ක යන රුචිනෝ ක‍්‍රීඩාවට මිලියන 200ක වාර්ෂික බද්දක් තිබුනා. මෙවර අයවැයෙන් එය මිලියන එකක බද්දක් පනවනු ලැබේ කියලා සදහන් කර තිබෙනවා. මෙතන කරලා තියෙන්නේ මිලියන 200 මිලියන එකකට අඩුකිරිමක්. මෙමගින් මිලියන 10ක අලූත් ආදායමක් උපයනවා කියලා සඳහන් වෙනවා. මේක සම්පූර්ණ වංචා කිරීමක්.
කැසිනෝ ක‍්‍රීඩාවට ඇතුළු වෙන සියලූදෙනාගෙන් ඩොලර් 50ක ගාස්තුවක් අයකරන බව සදහන් කරලා තියෙනවා. හැබැයි මෙයට ඩොලර් සියයක ගාස්තුවක් අය කිරීමට තිබුනා. අයවැය මගින් පෙන්වනවා ඩොලර් 50 දැමීම මගින් මිලියන 980ක අමතර ආදායමක් උපයනවා කියළා.
මෙහෙම බදු අයකිරිම් අඩුකිරීම් කරහම අයවැය ලේඛනයේ ආදායම් ලේඛනයෙන් මෙච්චර මෙච්චර අඩුවෙනවා කියලා සදහන් වෙනවා. හැබැයි ඒ මොකවතත් මේ සැරේ කරලා නැහැ. ආදායම මෙච්චරයි වියදම මෙච්චරයි කියළා පමණයි එහි දක්වලා තියෙන්නේ.
මේකේ ගණන් සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ නිසා මේ ගැන සවිස්තර වාර්ථාවක් ඉදිරිපත් කරන්න කියලා ශ්‍රී ලංකා මහබැංකුවට ඉදිරිපත් කරලා තියෙන්නේ.
විදේශ අමාත්‍යවරයා විදියට මංගල සමරවිර මහතා මානව හිමිකම් කොමිසමේ තිහයි එක යෝජනකාවට එකඟ වුනේ නැත්නම් අද අපිට කිසිදු චෝදනාවක් නැහැ. එහෙනම් අපි අද මේ කාරනාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. දැන් මේ යෝජනාව අවුරුදු දෙකකින් නැවත සලකා බැලිමට නියමිතයි.
මේ රටට බේරේන්න තිබුණ අවස්ථාව අහිමිකරගෙන රට පාවාලා දීලා, රණවිරුවන් පාවාලාදීලා මේ සියල්ලම මංගල සමරවිර මහතා සිදුකලේ 2025 වසරෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරකට යන්නයි’’ යැයිද එස්. බී. දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
ඕවා කවුරුවත් විස්වාස කරන්නේ නෑ මහත්තයෝ.
සති ගාණක් තිස්සේ පාර්ලිමේන්තුව තුල අයවැය ගැන විවාද කළා නේද? එතකොට මේවා දැක්කේ නැද්ද ? අයවැය ලේඛනයේ මුද්‍රණ දෝෂ තියෙන්නට පුළුවන්. ඒවා නිවැරදි කරගන්න පුළුවන් කොහොමහරි එය පාර්ලිමේන්තුවේ වැඩි චන්දයෙන් සම්මත වෙලයි තියෙන්නේ.. එස්බීට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක නෙවෙයි.. ඉරිසියාවයි…..ඔහුගේ වචනවලින්ම ඒ බව පේනවා…... ''මේ සියල්ලම මංගල සමරවිර මහතා සිදුකලේ 2025 වසරෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරකට යන්නයි’’ ඒකයි ගැටලුව.
ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම නැතිවෙලා.. ඔය එක මන්ත්‍රී කෙනෙක්වත් අපිව නියෝජනය කරන්නේ නැහැ.. අපිට බදු ගහන අපි අකමැති ඔක්කොම ඒවා සම්මත කරන්නේ ඔය කට්ටිය, ඉතින් එක අපිව නියෝජනය කිරීමක්ද? එතකොට ඔවුන්ගේ පඩි වැඩි කරගන්න ඒවා, හොරකම් කරගන්න ඕනේ විදියට නීති වෙනස් කරගන්න ඒවා ඔක්කොම සම්මත කරගන්නවා... මේ 225 අපිව නියෝජනය කරන්නේ නැහැ.. ඇයි අපිට බැරි අපිව නියෝජනය කරන අයව පාර්ලිමේන්තු යවන්න.
ඕවා ඔහොම තමයි
ගොඩක් අය වාසිය වෙනුවෙන් මෙච්චර කල් කලේ කටුස්සෝ වගේ පාට වෙනස් කිරීමයි. එතකොට ඒක මුළු ජනතාවම පාවාදීමක්. ප්‍රත්පත්තියක් නැහැනේ .
මේ එස් බි...ඡන්ද දායකයන් විසින් ප්‍රතික්ෂේප කර පරාජය කල කෙනෙක්. මෙයා හැමදාම කරන්නේ එහාට මෙහාට පැන පැන උගුල් අටවා අටවා මහජන මුදල් කාබසනිය කරන එකයි. මෙයාගෙන් රටට ඇති කිසිම සෙතක් නැහැ. මොවුන් පඩි වශයෙන් ගන්න මහජන මුදල් මහා අපරාදයක්.
එස්.බී . දිසානායක, කියන්නේ මොලේ කලඳක්වත් නැති .... පුද්ගලයෙක් ..!!!
මේ අය තාම ඉන්නවා නේද? අපි මෙයාලව ඡන්දෙන් පැරද්දුවත් වැඩක් නැනේ, සිරිසේන ආයෙත් ගත්තනේ?
මේ අයගෙන් අපේ රට රැක ගනිමු.
පරාජිත මේ මිනිස්සු ලියන කියන දේවල් මොකටද? කිසිම වටිනාකමක් නැහැ. දකින මිනිස්සුන්ගේ රුධිර පීඩනය නගිනවා.
කලකට පස්සේ කපුවා එළියට බැහැලා.