(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැය යෝජනාවෙන් වැරදි දත්ත ඉදිරිපත් කර ඇති බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී පැවසීය.
විශ්වාසභංග යෝජනාවේ කටයුතු මෙවර සිංහල හින්දු අලූත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතින් ආරම්භ කරන බවද ගුණවර්ධන මහතා කියා සිටියේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මෙසේද කීවේය.
‘‘මෙවර සම්මත වූ අයවැය ලේඛනය පිළිබඳ රටේ නිමැවුම, ආදායම, සේවා නියුක්තිය, ගෙවුම් ශේෂය, ඉතුරුම්, ආයෝජන ආදී කරුනු පිළිබඳ මහා බැංකුවෙන් වාර්තාවක් පාල්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දීලා තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඔක්කොම විවාද කරලා තියෙන්නේ වැරදි වාර්තාවකටයි.
රට ආර්ථික වශයෙන් අන්ත අගාදයකට ගෙනල්ලා ආර්ථිකය කඩා වට්ටලා ව්‍යාජ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විදියට අපි මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් වන යෝජනාව මම පක්ෂ නායකයන්ටත් ඉදිරිපත් කරනවා. අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට මම මේ විශ්වාසභංග යෝජනාව ලියන්න පටන් ගන්නවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. මුදල් අමාත්‍යවරයා තමන්ගේ වගකීම නිසි ලෙස ඉෂ්ට කරලා නැත්නම් මුදල් ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුව නොමග යවලා තියෙනවා නම් ඔහුව තවදුරටත් විශ්වාස කළ නොහැකියි. ඒ නිසා ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පදනම් කරගෙන මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා’’ යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරදින්න බලාගෙන ගේන්න.
ආයේ සැරයක් ඉල්ලන් කන්න හදනවා වගෙයි.
දැන් තියෙන අයවැයේ වැරදි පේනවා, තමුන් ඇතුළු නඩේ බලය තියෙන කොට දාපු සෙල්ලම් මතකද. තමුන් ගණිත අංශයේ ගුරුවරයෙක් වෙලා තමුන්ට වැරදෙනවා නම් අනිත් අය ගැන කවර කතාද. දරුවන්ගෙන් ටියුෂන් මුදල් ලොකු ගානක් අය කෙරුවා කි දෙනෙක් හරි මාර්ගේ ගියාද දන්නේ නැහැ. හැමදාම ඇහුවොත් ජොබ් එක විශ්වාසභංග ගේන එක.
ඔබතුමාව ආදර්ශයට ගෙන නිවැරදි දත්ත, අර පවුලක මාසික වියදම 2500 වගේ දේවල් නේ ඉදිරිපත් කරන්න ඕන.
මිනිස්සු තමන්ට කටක් තිබුණු පලියට කියවන කොට ඒක කැතයි. අනික දැනුම, අවබෝධය කියන දේ ඉරිසියාවට වඩා වෙනස්. මේ පුද්ගලයා ඔය තරම් කාර්යක්ෂම සහ නිවැරදි නම් ඇයි ඒ කාලේ කරපු හැමදේම වැරදිලා රටට විහිළුවක් වුනේ?
ඇයි මෙතුමාව අපි විශ්වාස කරන්න හේතු තිබෙනවාද. වැදගත් ලියවිල්ලක් අත්සන් කරනකොට කරුණු කියවා බලා අත්සන් කරන්න තරම් තේරුමක් නැති කෙනා ගැන මහජනයාට විශ්වාසයක් තිබෙනවාද? පුතා රියදුරු බලපත්‍ර නැතිව වාහන පදවන්න පාරට යවා අනතුරු කරන්න ඉඩ තැබූ කෙනා. රටේ දරුවන්ගේ විභාග ප්‍රතිපල හෙලා දුටු කෙනා. තව අනුන්ට විශ්වාසභංග ගෙන්න යනවා.
මේ මහත්තය නිකන් ඉන්න බැරුව විහිලු කරනවා වගේ.
අනේ මේ 225 ට තේරෙන්නේ නැද්ද ජනතාවට ඕනි විස්වාසභංග නෙමේ ඔයාලා 225ම ගෙදර යවන භංගයක් කියලා. ඔයාලා මොන කෙනා ආවත් අමාරුව දුප්පත් අපිට
රුපියල් 2500 ට මාසයක් ජීවත්වෙන්න ඇති කියපු එක්කෙනාට තමයි විශ්වාසභංගයක් ගෙන්න ඕන.
ඔන්න බැංකුවලට ඔයාව විශ්වාස නැතිලු.
මහජන සේවයක් කරන්නයි ජනතාව බලය දුන්නේ. නැතිනම් සමස්ත ජනතාවගේ කාලය නාස්ති කරලා, බලය ලබාගන්නා ක්‍රම හොයන්න නෙමෙයි. හැමදාමත් බාල වැඩ කරන්න මොන තරම් , මනුස්සකම පිරිහිලාද ?
උකස්කරේ ගැන දන්නේ නැති මේකා බන්දුම්කරේ ගැන කියවන්න එනවා...
මෙයාලගේ කයිවාරුව පමණයි. කරන මඟුලක් නැහැ. පළාත්සභා මැතිවරණය නොතිබ්බොත් නඩු දානවා කිව්වා තවම ඒ ගැන සලකුණක්වත් නැහැ.
මේ මුදල් ඇමතිවරයාට අපද කැමති නැහැ. ඒ වගේම ඔය පොතේ දැනීම පමණක් තියෙන රු.2500 ට පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කී නරි මෝඩයන්ටත් අප කැමති නැහැ.
" බන්දුල ගුණවර්ධණව " දේශපාලනයට ගත්තට වැඩිය හොඳයි .... පෙට්ටියක් වගේ ඔලුවක් තිබුණට .... අබ ඇටයක් තරම්වත් මොලයක් නැති පුද්ගලයෙක් .
උකස්කරේ ගැන දන්නේ නැති මොහු බැඳුම්කරේ ගැන කියවන්න එනවා..
අපේ සල්ලි විනාස කරන්නේ නැතුව ඉන්න.
බන්දුල මහතා මංගල විසින් අයවැයේදී දී ඇතී කියන වැරදි දත්ත නිසා විස්වාසභංග යෝජනාවක් ගෙනෙනවා කියනවානම් රටේ ජනතාව විසින් විමසා බැලිය යුත්තේ වැරදි දත්ත ඉදිරිපත් කිරීම සම්බන්දව විනා බන්දුල මහතාගේ පැටිගිරිය නොවෙයි. මෙහි පලවන්නේ බන්දුල මහතාට විරුද්දව ලියන අදහස් මිස මංගලට විරුද්දව හෝ විශ්වාස භංගය සම්බන්ධයෙන් ලියන අදහස් නොවේ. අදාළ ප්‍රස්තුතය ගැන ලියවෙන්නේ නැත. මෙහෙව් අය සිටිනතුරු රටට ගැලපෙන ආණ්ඩුවක් ඇතිවන්නේ නැත. 1977 සිට මේ රටට කෙළවුණේ මේ අය නිසාය. මීට ප්‍රථම වතාවක්දීද අයවැයකින් අධ්‍යනයට වෙන්කළ ව්‍යාජ මුදලක් ගැන අසන්න ලැබුණා මතකය.
බන්දුල මහතා මංගල ඉදිරිපත් කර ඇති වැරදි දත්ත පිළිබඳව වැඩි විස්තරයක් අපේ දැනගැනීම සඳහා ඉදිරිපත් කොරනවානම් හොඳය. මීට ප්‍රථම අයවැයක්දීද අධ්‍යාපනයට වෙන්කළ මුදලක් සම්බන්දව වැරදි හෝ බොරු ගණන් ඉදිරිපත් කළා මතකය. බන්දුල මහතා මෝඩයින්ට හඳ පෙන්වුවාම උන් බලන්නේ අතදිහාය.
බන්දුල මහතා වින්සන්ට් චර්චිල් මහතා මෙසේකියා ඇති බව මතක් කරමි " පාරේ යද්දී ඔබට බුරන හැම බල්ලාටම ගල්වලින් ගසන්න ගියොත් ඔබට ගමනාන්තය දක්වා යන්න බැරිවේවි." මෙතනදී ඒ කියමන කදිමෙට ගැලපෙනවා නේද?