IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මංගලගේ නමත් ගමෙන් ඉවත් කරයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
කිරින්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ලියාපදිංචි වී තිබෙන “මංගල සමරවීර පෙදෙස”යන නම තම ගමෙන් ඉවත් කර ඒ වෙනුවට “ළිඳ ගාව වත්ත මාවත”යන නම යොදන ලෙස එම ගමේ පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් සභා සම්මත විය.
 
අත්සන් 110කින් යුත් පෙත්සමක් එම ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චිමහතා වෙත ඉදිරිපත් කරමින් සිය ගමෙහි නම එලෙස වෙනස්කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටියහ. 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති සනත් හෙට්ටිආරච්චි, මන්ත්‍රීවරුන් වන ශාන්ත රාජපක්ෂ, බර්ටි සමරසිංහ, විමලසිරි රුවන්පතිරණ, සිරිසේන විජේසිංහ, අනිල් වීරකෝන් හා අශෝකා වික්‍රමසිංහයන මන්ත්‍රීවරුන් හත්දෙනාම එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.
 
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල මොහොට්ටාල, ක්‍රිෂාන් ජයසේකර හා ගංගා මධුෂානි විමලගුණසේකර යන මහත්ම මහත්මීන් තිදෙනා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අනිල් කරුණානන්ද මහතා පමණක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකළහ. ඒ අනුව විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හතරකි.
 
කෙසේ වෙතත් වැඩි ඡන්දයෙන් සම්මත වූ එම යෝජනාව ඉදිරි කටයුතු සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත යොමු කිරීමට නියමිතව ඇත.



අදහස් (19)

මංගලගේ නමත් ගමෙන් ඉවත් කරයි

සේන Tuesday, 11 June 2019 10:04 AM

උපන් දේශයට නිගා දෙන, නිර්මල බුදු දහමට ගරහන, මහා සංඝරත්නයට අපහාස කර ආර්ය උපවාදයට ලක්වුණු කෙනෙකුගේ පරිහීම ඈතක නැත. ඔවුනගේ අනිත් භවයන්ද අපාය ගාමී ය.

:       213       685

ප්‍රදීප් Tuesday, 11 June 2019 10:25 AM

"ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී " බෝඩ් ටික දැක්කම අපේ රට ගැනම දුකකි..

:       4       381

chandana Tuesday, 11 June 2019 10:50 AM

මෙවැනි කටයුතු කවුරු කලත් සදාචාරයට ඔබින වැඩ නොවන බව කිවයුතුය. මෙයින් සවුත්තු වන්නේ ඉවත් කරන නමේ හිමිකාරයා නොව නම ඉවත් කිරීමට කටයුතු කරන පුද්ගලයින්ය. මෙය බොළඳ හා පුද්ගල වෛරී දේශපාලනයේ තවත් එක අවස්ථාවකි.

:       572       223

NuwanWednesday, 12 June 2019 03:57 AM

මංගලගේ හිතවත් කෙනෙක් වගේ.

:       1       191

Shahiwal Tuesday, 11 June 2019 11:02 AM

හරක් හොරුන් සහ කුඩුකාරයන්....

:       736       432

Raveendra Tuesday, 11 June 2019 11:07 AM

ඇත්තෙම මෙය නම් හොඳ ක්‍රියාවක්... ලංකාවේ තිබෙන සියලුම "මූසල" දේශපාලකයන්ගේ නම්ගම් සහිත බෝඩ්, සිමෙන්ති බැමි, අනේකවිධ නාමපුවරු සියල්ල කඩා දැමිය යුතු බව අපගේ අදහසයි. මේ සියලුම නම්ගම් ප්‍රසිද්ධියට අහිංසක මහජනතාවගේ මුදල් අත දිගහැර වියදම් කර මෙම පරයන්ගේ නම්ගම් සඳහන් කිරීම ලැජ්ජා සහගත බව යන්තම් හෝ සිතීමට හැකි මිනිසුන්ගේ මනසට එන අදහසකි...

:       33       640

නිමල් Tuesday, 11 June 2019 11:12 AM

ලංකාව ලෝකයේ නුගත් රටක් බව ප්‍රකාශ වී කොන් වේවි .

:       266       64

max Tuesday, 11 June 2019 11:17 AM

මාතර හැමෝම නරක නැහැ වගේ! ජාති ද්‍රෝහී ක්‍රියා මාතර හැමෝම අනුමත කරන්නේ නැති බවට මෙය හොඳ සාධකයක්.

:       5       51

Aneurysms karunathilaka Tuesday, 11 June 2019 11:27 AM

කිරින්ද පහුවෙලා ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් වැටුප් නොලබා ගරු සේවයක නිරත වේ.

:       32       144

ravi Tuesday, 11 June 2019 11:41 AM

මේක පිටිපස්සේ ඉන්නේ.. පොහොට්ටු ගං කබරයින් ටිකක්... ! මොවුන්ට අපි කියන්නේ ජරාව කාපු රිලව් ..කියලා. අන්න ඒ නම තමයි ගමට දාගන්න තිබුනේ.

:       1705       718

Dilan Tuesday, 11 June 2019 12:08 PM

එතකොට අර රැළියට ආවේ කොහේ අයද?

:       106       43

JayaTuesday, 11 June 2019 12:48 PM

ආ... ඒ කුලියට සල්ලි දීලා ගෙන්න ගත්තු අයයි..

:       51       302

NuwanTuesday, 11 June 2019 03:06 PM

ඔබ දැක්කේ නැද්ද එම රැලියට සහභාගි වන්නන්ට පිරවීමට බෙදා තිබු පත්‍රිකාව

:       6       38

NihalWednesday, 12 June 2019 03:54 AM

තොප්පි නැතුව ආවේ.

:       5       28

NihalWednesday, 12 June 2019 03:56 AM

සිංහල මිනිස්සු නොවෙයි

:       0       67

asanka Tuesday, 11 June 2019 12:55 PM

ඔය ගමට "මංගල" කියලා නම දා ගත්තා නම් හොඳයි.

:       31       9

janahitha@y Tuesday, 11 June 2019 03:11 PM

ඔය නම ගමෙන් නොවෙයි රටෙනුත් ඉවත් කරගනියි ඉදිරියට.

:       21       1146

Don Tuesday, 11 June 2019 03:13 PM

කිරින්ද- පුහුල්වැල්ල සභාවේ වැඩිපුරම ඉන්නේ තණකොළ කන අය කියලා දැනගත්තම හරිම ලැජ්ජයි.

:       435       53

chandima Tuesday, 11 June 2019 06:12 PM

නම කපලා දැම්මට වැඩක් නැහැ.

:       31       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 243 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site