(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කිරින්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ලියාපදිංචි වී තිබෙන “මංගල සමරවීර පෙදෙස”යන නම තම ගමෙන් ඉවත් කර ඒ වෙනුවට “ළිඳ ගාව වත්ත මාවත”යන නම යොදන ලෙස එම ගමේ පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් සභා සම්මත විය.
අත්සන් 110කින් යුත් පෙත්සමක් එම ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චිමහතා වෙත ඉදිරිපත් කරමින් සිය ගමෙහි නම එලෙස වෙනස්කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති සනත් හෙට්ටිආරච්චි, මන්ත්‍රීවරුන් වන ශාන්ත රාජපක්ෂ, බර්ටි සමරසිංහ, විමලසිරි රුවන්පතිරණ, සිරිසේන විජේසිංහ, අනිල් වීරකෝන් හා අශෝකා වික්‍රමසිංහයන මන්ත්‍රීවරුන් හත්දෙනාම එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල මොහොට්ටාල, ක්‍රිෂාන් ජයසේකර හා ගංගා මධුෂානි විමලගුණසේකර යන මහත්ම මහත්මීන් තිදෙනා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අනිල් කරුණානන්ද මහතා පමණක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකළහ. ඒ අනුව විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හතරකි.
කෙසේ වෙතත් වැඩි ඡන්දයෙන් සම්මත වූ එම යෝජනාව ඉදිරි කටයුතු සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත යොමු කිරීමට නියමිතව ඇත.
නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය නාරාහේන්පිට - මෙහෙවර පියස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී අද වැඩ බාර ගත
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් එම විශේෂ වැඩසටහන අප්
නව තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය දුන්නේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ (Latter-day Saint Charities) නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමු
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින දුම්රිය රියදුරු තනතුරේ පුරප්පාඩු පිරවීම සදහා අයදුම් පත් කැඳවා ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුර
නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බු
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මංගලගේ නමත් ගමෙන් ඉවත් කරයි
සේන Tuesday, 11 June 2019 10:04 AM
උපන් දේශයට නිගා දෙන, නිර්මල බුදු දහමට ගරහන, මහා සංඝරත්නයට අපහාස කර ආර්ය උපවාදයට ලක්වුණු කෙනෙකුගේ පරිහීම ඈතක නැත. ඔවුනගේ අනිත් භවයන්ද අපාය ගාමී ය.
ප්‍රදීප් Tuesday, 11 June 2019 10:25 AM
"ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී " බෝඩ් ටික දැක්කම අපේ රට ගැනම දුකකි..
chandana Tuesday, 11 June 2019 10:50 AM
මෙවැනි කටයුතු කවුරු කලත් සදාචාරයට ඔබින වැඩ නොවන බව කිවයුතුය. මෙයින් සවුත්තු වන්නේ ඉවත් කරන නමේ හිමිකාරයා නොව නම ඉවත් කිරීමට කටයුතු කරන පුද්ගලයින්ය. මෙය බොළඳ හා පුද්ගල වෛරී දේශපාලනයේ තවත් එක අවස්ථාවකි.
NuwanWednesday, 12 June 2019 03:57 AM
මංගලගේ හිතවත් කෙනෙක් වගේ.
Shahiwal Tuesday, 11 June 2019 11:02 AM
හරක් හොරුන් සහ කුඩුකාරයන්....
Raveendra Tuesday, 11 June 2019 11:07 AM
ඇත්තෙම මෙය නම් හොඳ ක්‍රියාවක්... ලංකාවේ තිබෙන සියලුම "මූසල" දේශපාලකයන්ගේ නම්ගම් සහිත බෝඩ්, සිමෙන්ති බැමි, අනේකවිධ නාමපුවරු සියල්ල කඩා දැමිය යුතු බව අපගේ අදහසයි. මේ සියලුම නම්ගම් ප්‍රසිද්ධියට අහිංසක මහජනතාවගේ මුදල් අත දිගහැර වියදම් කර මෙම පරයන්ගේ නම්ගම් සඳහන් කිරීම ලැජ්ජා සහගත බව යන්තම් හෝ සිතීමට හැකි මිනිසුන්ගේ මනසට එන අදහසකි...
නිමල් Tuesday, 11 June 2019 11:12 AM
ලංකාව ලෝකයේ නුගත් රටක් බව ප්‍රකාශ වී කොන් වේවි .
max Tuesday, 11 June 2019 11:17 AM
මාතර හැමෝම නරක නැහැ වගේ! ජාති ද්‍රෝහී ක්‍රියා මාතර හැමෝම අනුමත කරන්නේ නැති බවට මෙය හොඳ සාධකයක්.
Aneurysms karunathilaka Tuesday, 11 June 2019 11:27 AM
කිරින්ද පහුවෙලා ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් වැටුප් නොලබා ගරු සේවයක නිරත වේ.
ravi Tuesday, 11 June 2019 11:41 AM
මේක පිටිපස්සේ ඉන්නේ.. පොහොට්ටු ගං කබරයින් ටිකක්... ! මොවුන්ට අපි කියන්නේ ජරාව කාපු රිලව් ..කියලා. අන්න ඒ නම තමයි ගමට දාගන්න තිබුනේ.
Dilan Tuesday, 11 June 2019 12:08 PM
එතකොට අර රැළියට ආවේ කොහේ අයද?
JayaTuesday, 11 June 2019 12:48 PM
ආ... ඒ කුලියට සල්ලි දීලා ගෙන්න ගත්තු අයයි..
NuwanTuesday, 11 June 2019 03:06 PM
ඔබ දැක්කේ නැද්ද එම රැලියට සහභාගි වන්නන්ට පිරවීමට බෙදා තිබු පත්‍රිකාව
NihalWednesday, 12 June 2019 03:54 AM
තොප්පි නැතුව ආවේ.
NihalWednesday, 12 June 2019 03:56 AM
සිංහල මිනිස්සු නොවෙයි
asanka Tuesday, 11 June 2019 12:55 PM
ඔය ගමට "මංගල" කියලා නම දා ගත්තා නම් හොඳයි.
janahitha@y Tuesday, 11 June 2019 03:11 PM
ඔය නම ගමෙන් නොවෙයි රටෙනුත් ඉවත් කරගනියි ඉදිරියට.
Don Tuesday, 11 June 2019 03:13 PM
කිරින්ද- පුහුල්වැල්ල සභාවේ වැඩිපුරම ඉන්නේ තණකොළ කන අය කියලා දැනගත්තම හරිම ලැජ්ජයි.
chandima Tuesday, 11 June 2019 06:12 PM
නම කපලා දැම්මට වැඩක් නැහැ.