(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට කොරෝනා මරණ 20,000 කට වැඩි ප්‍රමාණය බලාපොරොත්තු විය හැකි යයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය සඳහන් කර තිබෙන බව, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
වොෂින්ටන් විශ්ව විද්‍යාලය අවධාරණය කරන කරුණ ගැන මෙරට බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු අතර වසංගතය පාලනය කිරීම සඳහා පැහැදිළි විසඳුම නොදුන්නොත් ශ්‍රී ලංකාවට මාරාන්තික තත්ත්වයට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද මංගල සමරවීර මහතා සඳහන් කරයි.
වොෂින්ටන් විශ්ව විද්‍යාලය නිකුත් කර ඇති කොරෝනා සම්බන්ධ වාර්තාව ගැන මෙන්ම ශ්‍රී ලංකාවෙි වත්මන් කොරෝනා තත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වර්තමාන ගෝලීය තත්ත්වය ගැන ඉතා ගැඹුරින් සොයා බලා වාර්තාවක් නිකුත් කර ඇත.
කොරෝනා වසංගතය නිසා ලෝකයේ සෑම රටක්ම මුහුණ පා ඇති තත්ත්වයන් එම වාර්තාවෙන් සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එම වාර්තාව සඳහන් කර තිබෙන කරුණු ගැන රජය සහ බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතුය.
වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අදාළ වාර්තාවෙන් කාරණා විශාල ප්‍රමාණයක් ගැන අවධානය යොමුකර ඇතත් ඔවුන් පෙන්වා දෙන වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට හෙවත් තවත් මාස හතරකින් කොරෝනා මරණ සංඛ්‍යාව 20,000 කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකි බවයි.
එවැනි තත්ත්වයකට මුහුණ දීමට රටට කිසිම සූදානමක් නැති බව මේ වන විට පැහැදිලි වන අතර එවැනි මාරාන්තික තත්ත්වයක් නිර්මාණය වීම නතර කිරීම සඳහා රජය තවමත් ප්‍රමාද නැති බව මගේ විශ්වාසයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයා රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා " පට්ට ගේමක්" දෙන්න යනවා කියන කතාව ඇත්තක්ද?
කොහොම හරි දවසට මරණ 275 පන්නගත්තොත් මංගල සර්ටයි අනිත් රිජෙක්ට් වුන සෙට් ඒකටයි ඊලග ඡන්දෙට ඒගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුවම. (නොදකිං)
ඔන්න ඇවිල්ල... ඇමරිකාවට කේලාම් කියන බුද්ධිමතා... හලෝ ඇමරිකාව කියන්න ඕන නෑ... ඕක බැලුවම ඕන මිනිහෙක්ට පේනවා යන විදිය හොඳ නෑ කියලා.. එකට මේ වොෂින්ටන් ඕන නෑ.. අපේ දොස්තරලා උනත් කියලා තියනවා.. එතකොට ඉන්දියාවට ඔහොම වෙයි කියලා... මොකද ඇමරිකාවට කියන්න බැරි උනේ...?
අනේ මංගල මහත්තයෝ, සියලු වෛද්‍ය සංගම් එකතු වෙලා කියනදේ අපේ පාලකයෝ අහන්නැති කොට ඔයා කියනදේ අහයිද?. පාර්ලිමේන්තුවේ මහින්ද අමරවීර ඇමතිතුමා කීව නේද විපක්ෂයට කට වහගෙන ඉන්න කියල. ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ආර්ථික සංවර්ධනය කියල ඔහේ දන්නේ නැද්ද?
මෙයාද අලුතින් පත්වෙලා ඉන්න වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පණිවිඩ කාරයා. අපරටෙ උගත්තුත් පහුගිය දවස්වල පණ යනකම් කිව්වා... කොහේද මෙයා බලන්නේ රට පත්තර විතරයිනේ....
මංගලට බැන්නම හරි, ඔන්න මොලේ
මෙයාට ඇමරිකාව කිවුවොත් දෙයක් ඉන් එහාට දෙයක් නැහැ. මෙහෙමත් ඇමරිකන් ගැත්තෙක්!
ඔන්න මමත් මුකුත් කිව්වා හොදේ.....වෙන කව්රු හරි කිව්වා දෙයක් උනත් දැන් මමනේ කිව්වේ.....
අනේ මේ මහතැන්ට අමෙරිකානු ෙ බ්‍රිතාන්‍ය වාර්තා උපුටා දැක්වීමට වඩා වෙන වැඩක් නැද්ද?
ආයෙත් ඇවිත්
මෙන්න අපේ රටෙ මිනිස්සු.. දැන්වත් පණිවිඩකරුවාට වැඩිය පණිවිඩ දෙසට අවදානය යොමුකරන්න. සර්ගේ පස්සෙන් ගිහිල්ලා. මංගලට බැණ බැණ ඉදලා අපිට අපිට හරියන්නේ නැහැ.ඒක නිසා මොකක් හරි කමක් නෑ කියන කරන දේවල් වල සත්‍ය, අසත්‍යතාවය තේරුම්ගන්න උත්සාහ කරන්න...
කවුරුහරි හොද දෙයක් කිව්වොත් ඒක පිළිගනනත් අපි සූදානම් නේ