
(විනීතා එම් ගමගේ)
මීගමුව කළපුවේ දෑලතුර දෙසින් කලපුව පටන් ගන්නා ස්ථානයේම අක්කර 100 ක් පමණ විශාල ඉඩමක් හොර රහසේ පුරවමින් සිටින බව එම ප්‍රදේශයේ කළ සංචාරයක දී දැකිය හැකිවිය.
කටුනායක අධිවේගී මාර්ගයේ 15 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී ඇරඹෙන මෙම කළපුව පිරවීම 18 වන කිලෝමීටර් කණුව තෙක් පමණ දිවෙයි.
කෙසේ වෙතත් මෙම ඉඩම පුරවනු ලබන බව කිසිසේත්ම අධිවේගී මාර්ගයට නොපෙනෙන ලෙස සූක්ෂ්ම අන්දමින් සිදුකරන බව ද එහි කළ සංචාරයේ දී දැකිය හැකිවිය.
විශේෂයෙන් එකී ඉඩම වටා වවන ලද කැලෑවකින් මෙම පුරවන ප්‍රදේශය සඟවා ඇති අන්දමත් එහි යාමට ඇති පාර ආරම්භයේ සිට පිරවීම් සිදුකරන ඉඩම දක්වා යන අයෙකුට ඒ සඳහා සුවිසල් ගේට්ටු දෙකක් පසුකල යුතු බව ද අදාල ප්‍රදේශයේ කල සංචාරයේ දී තවදුරටත් දැකිය හැකිවිය.
මෙම ඉඩම පිරවීම සිදුකරනු ලබන්නේ පෞද්ගලික සමාගමක් විසින් බවත් ඒ සඳහා නිසි අවසර ලබා නැති බවත් එහි කළ සංචාරයේ දී ප්‍රදේශවාසිහු පැවැසූහ.
මුතුරාජවෙල වනජීවී කලාපයට ආසන්නව ඇති මෙම භූමිය මීගමු කලපුවේ කඩොලාන සහිත බිමකි. මේ වනවිට එහි විශාල කඩොලාන සංහාරයක් සිදුකරමින් ඇතැයි ද පෙනී ගිය අතර ඒ පිළිබඳ ගූගල් සිතියමේ වඩාත් හොඳින් නිරික්ෂණය කළ හැකිය.
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියෙක් කියා සිටියේ එම ප්‍රදේශයේ කලපුවේ කිසිදු පිරවීමක් සඳහා අවසර දී නැති බවය. එමෙන්ම ඒ සඳහා කිසිවෙකුගෙන් ඉල්ලීමක් හෝ ලැබී නැති බවත් කළපුවේ ඉඩම් පිරවීම නීති විරෝධී බවත් හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න විමලවීර දිසානායකට චණ්ඩිකම පෙන්නන්න තවත් අනගි අවස්ථාවක්.
ගූග්ල් මැප් එකේ මෙතන පැහැදිලිවම පෙනෙනවා. සෑහෙන ප්‍රමාණයක් දැනටමත් ගොඩකරලා.. තව එහායින් කොටසකුත් පුරවන්න සූදානමින් ඉන්න බවයි පෙනෙන්නේ.. මේ අය නම් පුදුම තණ්හාස කාරයින්.. මැරෙද්දී ගෙනියන්නද මන්දා මෙච්චර මහන්සිවෙලා වියදම් කරගෙන මේ දේවල් කරන්නේ. ඉන්නකම් නම්බු ඇතිව වැදගත් විදිහට ජීවත් වෙන්න මීට වඩා ඕනෑතරම් ක්‍රම තියෙනවා..
ආණ්ඩුව පත් කල වරද....
නීතියක් නැති රටක්..
ඕනදෙයක් පුරවන්න. ඕන විනාශයක් කරන්න. තම්බි කොල්ලකාලා දෙමලු මරනවා නම් මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ...!