( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්.යූ.පී. ඒ. සම්පායෝ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එච් .ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
මෙහිදී පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව කිසියම් හදිසි තත්වයක් උද්ගත වුවහොත් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දී මෝසමක් මාර්ගයෙන් පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ඉල්ලීමට අපේක්ෂා කරන බවය.
එම ඉල්ලීමට ඉඩ දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මෝසමක් මාර්ගයෙන් නීතිපතිවරයාට ද දැනුම් දී පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.
පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයට පත්කර තිබූ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවය.
අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තමාව අත්අඩංගුවට සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට අවශ්‍යතාවයක් මතු වූ විට ඉලෙක්ට්‍රොනික උපකරණ සපයා දීමේ නීතිමය හැකියාවක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා ඒ අනුව ශීතකරණයක් සැකකරුවෙකුට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරන වෑයම නිතියට පටහැනි බවද පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය රිට් පෙත්සම මගින් අභියාචනාධිකරණය ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් පැවරූ නඩු මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය
මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍ර
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපක
ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හ
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප
අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගෙන් රිට් පෙත්සමක්
sharm warn Wednesday, 22 July 2020 08:05 AM
අනේ දෙයියනේ... පුදුම අහිංසක තාලෙකට නේ නිවැරදි භාවය පෙන්වන්න හදන්නේ.?