(රංජන් කස්තුරි)
මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය , බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , කටුනායක නිදහස් වෙළඳ කලාපයට සමීපව මහ රෝහලේ සේවාවන් පුළුල් කිරීම සඳහා එය මධ්‍යම රජයට පවරා ගැනීමට රජය තීරණය කර ඇත.
ගුවන් තොටුපළට පැමිණෙන සංක්‍රමණික මගීන් හා නාවික සංචාරකයික් සඳහාද මෙම රෝහලින් ප්‍රතිකාර ලබාදේ.
මෙම රෝහලේ විශේෂිත ඩෙංගු කළමනාකරණ මධ්‍යස්ථානයක්ද පවතියි.
දැනට එම රෝහල පාලනය වන්නේ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි.
COMMENTS
බස්නාහිර පළාත් සභාව නමට පමණයි. ගම්පහ රෝහලත් මීගමුවට අන්තයි. හිටපු ජනපතිවරු අගමැතිවරු රට ගොඩ ගන්න කයිය ගහන හිටපු මහා ඇමති (දැන් කැබිනට් ඇමති තුමා) හිටියත් දිස්ත්‍රික්කයේ මහා රෝහල නමට විතරයි. අඩු තරමින් නව වාට්ටු ගොඩනැගිල්ල ගරා වැටෙන එකවත් පෙනුනේ නැහැ. පුපුරලා ඉරි තලලා. ශෝක ජනකයි.
මේ රෝහලට කුඩම්මාගේ සැලකිලි ලැබුණත් මේකේ ඩෙංගු කළමනාකරණ අංශයත්, එ්කේ විශේෂඥතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත් කරන්නේ ජාතික සේවයක්... මම දන්න තරමට මේකේ මරණ අනුපාතය (ඩෙංගු) බින්දුවයි.
හරිම සන්තෝසයි මීගමුව රෝහල රජයට පවරාගන්න කියා සංඛ්‍යා ලේඛණ සහිතව තොරතුරු සියල්ල අඩංගු ලිපි බලධාරීන් වෙත යොමුකළ මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය හා මීගමුවේ කතෝලික පූජකවරු සමග එක්වෙලා දැවැන්ත උද්ඝෝෂණයක් කළා. මේ රෝහල රජයට ගන්න කියලා එවකට මහා ආණඩුවේ හිටපු ඇමති මහා ශබ්දයක් දාලා අපි සමග පැවති සාකච්ඡාවෙන් නැගිටලා ගියේ මේ රෝහල මහ ආණ්ඩුවට නම් කවදාවත් ගන්නේ නෑ කියලයි මීගමුව කතෝලික නගරයක් නිසා එහෙම කියන්න ඇති කියලා අපි විශ්වාස කළා. පරණ ගොඩනැගිල්ල අවුරුදු 5ක් තාම හදලා ඉවර නෑ. ස්කෑන් යන්ත්‍රයක් ඉල්ලුවා. මීගමුව කපලා වෙන තැන්වලට දුන්නු මෙම රෝහල 2020දී ආණ්ඩුවට ගැනීමේ තීරණය ගත් ගරු ජනාධිපතිතුමාටත් රජයටත් දිරිගැන්වීම් කළ කාදිනල් උන්නාන්සේ ඇතුළු අප සමග සිටි රෝහල් කමිටුව රෝහල් පදනම ඇතුළු සෑම සංවිධනයකටම ස්තුතියි..
පුලුවන්නම් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලත් මධ්‍යම රජයට පවරා ගන්න. දිස්ත්‍රික්ක තුනකට සේවය සපයන රෝහලක්. මූලික රෝහලක් ලෙස තිබී මහ රෝහලක් බවට පත් කළේ මේ අවශ්‍යතාවය නිසාමයි. ඒත් තවමත් පළාත් සභාව යටතේ තිබෙන නිසා කිසිම අංශයකින් දියුණුවක් නැහැ. වාට්ටු වල ඉඩ නැහැ. ඇදවල් මදි. වැසිකිළි පහසුකම් අන්තිමයි. හරිහමන් සායන තියන්න බිල්ඩිමක් නැහැ. බාහිර රෝගී අංශයේ හැරෙන්නවත් ඉඩ මදි. හදිසි ප්‍රතිකාර ඒකකය කාමරයක සයිස්. අසරණ රෝගීන් ඇදවල් යට,කොරිඩෝ වල පවා ඉන්නවා. ලැබෙන මුදල් ප්‍රතිපාදන ඔක්කොම පළාත් සභාවෙන් ගහගත්තට පස්සෙ ඉතුරු වුන කටු ටික එවනවා මොනවහරි අටවගන්න. අවම පහසුකම් යටතේ මේ රෝහල දැන් දුවන්නේ කොයි වෙලාවක හරි මග හිටින්න පුළුවන් පරණ ලොරි කටුවක් වගේ.