
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන )
රුපියල් ලක්ෂ 10 කට ආසන්න හොරොයින් තොගයක් සමඟ සැකකරුවකු පුත්තලම ජේපි පටුමග ප්‍රදේශයේ දී පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අද (29) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙරොයින් ලබාදිමේ ජාවාරම මෙහෙයවා ඇත්තේ මිනීමැරුම් චෝදනාවකට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු බව මේ වන විට කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය අනාවරණය කරගෙන තිබේ.
මීගමුව බන්ධනාගාරය තුළ සිට කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුව ඇති බවත් එම රැඳවියා බන්ධනාගාරය තුළ ජංගම දුරකථන මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව කියයි.මෙම පුද්ගලයාගේ බිරිදගේ සහෝදරියන් හරහා කිසිවකුටත් සැක නොසිතන ලෙස මෙය මෙහෙයවා ඇති බව මූලික විමර්ශන වලදී අනවරණය වී ඇත.
කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පවා බන්ධනාගාරයේ සිටි ජාවාරමට සම්බන්ධ රැඳවියා මෙම සැකකරුට දුරකථනයෙන් කථා කර ඇති බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

( හිරාන් ප්‍රියංකර )
2025 දෙසැම්බර් මස 18
25
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
119
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගමුව බන්ධනාගාරයේ රැඳවියකු මෙහෙය වූ කුඩු ජාවාරමක් හෙළි වෙයි