(ඉන්දිකා රාමනායක)
මීගමුව ප‍්‍රදේශයේ දෙපිරිස් අතර ඇතිවූ ගැටුමෙන් පසු ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය සිද්ධිය සමතයකට පත්කර ගැනීමට ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම දෙපාර්ශ්වය ප‍්‍රදේශයේ ආගමික නායකයන් හමුවේ මෙම ඉල්ලීම කර ඇති බවත් එම ආගමික නායකයන් සිද්ධිය පොලිසියට දැනුම් දී ඇති බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම සිද්ධිය සමතයට පත්කරගෙන දෙපාර්ශ්වය පෙර පරිදි ආගමික හා ජාතික වශයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් මෙම ඉල්ලීම කර ඇති බවත් රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.