IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මකුළුවෙක් කළ හදියක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනිය වයෙට් ඩැට් දෛනික කොරෝනා තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිද්දී, මකුළුවකුගෙන් බාධා එල්ල විය.

සුපුරුදු පරිදි මාධ්‍ය හමුව පැවැත්වූයේ එළිමහනේය. 'කොවිඩ් 19' ආසාදිතයන් ගැන දැනුම් දෙද්දී, 'හන්ට්ස්මන්' වර්ගයේ මකුළුවකු සිටිනු දකින්න ලැබෙන්නේ ඇමැතිනිය ඉදිරියේ අසුන්ගෙන සිටින මාධ්‍යවේදීන්ටය.

'හන්ට්ස්මන්' යනු ඔස්ට්‍රේලියාවේ බහුලව දකින්න ලැබෙන ප්‍රමාණයෙන් විශාල මකුළුවෙකි.

'ඇමැතිතුමියනි, ඔන්න ඔබතුමියගේ ඇගේ ලොකු මකුළුවෙක් ඉන්නවා' යැයි මාධ්‍යවේදීන් පවසද්දී, 'අපොයි, කවුරු හරි මකුළුවා අයින් කරන්න. මගේ මුහුණට එන්න දෙන්න එපා.' යැයි ඇමැතිනිය කියයි.

'පේනවා නේද මං කලබල නොවී ඉන්න උත්සාහ ගන්නා හැටි. මම මකුළුවන්ට ප්‍රිය කරන්නේ නැහැ. ඒත් මම කලබල නොවී ඉන්න බලනවා' යැයි ඇමැතිනිය කියයි.

මකුළුවා ඇමැතිනියාගේ ඇඳුමේ එහෙ මෙහෙ යද්දී, ඇමැතිනිගේ සහායට සිටි පිරිස ඇය වට කර ගනිමින් මකුළුවා කොහෙදැයි සොයාන දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙමින් පවතී.

අවසානයේ මකුළුවා ඇමැතිනියගේ සිරුරින් බැස යන්න යයි. 'හරි එයා යන්න ගියා. බලන්නකෝ වැඩේ හැටි. අපට කොරෝනාවලින් කරදර. දැන් හන්ට්ස්මන් මකුළුවන්ගෙනුත් කරදර. වෙච්ච දෙයක්' යැයි අගමැතිනිය සැනසුම් සුසුම් හෙලමින් කියයි.

(වීඩියෝ දසුන් - ද ගාඩියන් ඇසුරිනි)



අදහස් (7)

මකුළුවෙක් කළ හදියක්

jayath Friday, 17 December 2021 11:04 AM

කාලෙකට ඉස්ස්සර අපටත් හිටිය සෞඛ්‍ය ඇමතිනියක් ධම්මික පැනිය ගැහුවට පස්සද කොහෙද දැන් උන්නද මලාද නැහැ පවු ඕනවට වඩා කඩේ යන්න ගියාම ඔහොම තමයි .

:       42       26

Karl Friday, 17 December 2021 12:36 PM

ලංකාවෙ නිව්ස් නැහැ වගේ !...

:       2       35

සෙනෙවිරත්න Friday, 17 December 2021 02:20 PM

මෙහෙ නම් මදුරුවෙකුටවත් කිට්ටු වෙන්න බැහැ...

:       1       19

යෝගා Friday, 17 December 2021 07:13 PM

අපේ මැතිණියලා අඳින්නේ සාරි. මකුළුවන් වෙනුවට එල්ලෙන්නේ කූඩැල්ලන්...

:       0       10

හැරීFriday, 17 December 2021 08:57 PM

සතෙක් රිංග ගත්තොත් හොයන්නත් බෑ,කෙහෙල්මල් සාරියේ

:       0       2

Dasa P Saturday, 18 December 2021 01:04 AM

ඕවා සුළු දේවල් .අපිට වෙලා තියන හදියේ හැටියට

:       0       4

Sandaruwan Saturday, 18 December 2021 02:26 PM

භාෂා පරිවර්තකයා තත්වය හොඳින් විස්තර කරයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site