IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක වෙඩි හුවමාරුවකින් 19 ක් මරුට

මෙක්සිකෝවේ උතුරු දිග චිහුවාහුවා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාන්ත රජය පවසයි.
 
“ඔවුන් ඇමරිකාවට මත්ද්‍රව්‍ය ගෙනයන අපරාධ කණ්ඩායම් දෙකක්” යැයි චිහුවාහුවා හි නීතිපති සීසර් පෙනිච් රොයිටර් පුවත් සේවයට පැවසීය. 
 
මැඩෙරා මහ නගර සභාව ආසන්නයේ  වෙඩි හුවමාරුව සිදු වූ ස්ථානයේ තිබී ආරක්ෂක අංශ විසින් මළ සිරුරු 18 ක් සොයා ගන්නා ලදී. 
 
තුවාල ලැබූ පුද්ගලයෙකු පසුව එම ස්ථානයේදීම  මිය ගිය බව රජයේ නීතිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
ඔවුන් සතුව ගිනි අවි 18 ක්, වාහන දෙකක් සහ අත්බෝම්බ දෙකක් ද තිබී ඇති අතර ආයුධ සන්නද්ධ පුද්ගලයින් සෙවීමේ පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
 
තුවක්කුකරුවන් ජුවාරෙස් හා ප්‍රතිවාදී සීනාලෝවා සමඟ සම්බන්ධ වූ කණ්ඩායම්වලට අයත් බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
 
මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඕබ්‍රඩෝර් කියා සිටියේ රට තුළ කොරෝනා වසන්ගතය පැතිරී තිබියදීත් අපරාධ කණ්ඩායම් අතර ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව පැවතීම අවාසනාවක් බවයි.
 
“මාර්තු අග දී කොරෝනා වයිරසය වඩාත් පුළුල්ව පැතිරෙන්නට පටන් ගත් විට, ප්‍රචණ්ඩත්වයේ සැලකිය යුතු අඩුවීමක් පෙනෙන්නට තිබුණි, අවාසනාවකට එය එසේ නොවීය.” ලෝපෙස් ඔබ්‍රඩෝර් පැවසීය.

පසුගිය වසරේදී, ඇමරිකානු-මෙක්සිකානු මෝමන් ජන කණ්ඩායමට අයත් කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් හය දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින්  වෙඩි තබා ඝාතනය කළේය.
 
මෙක්සිකෝවේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 1 890ක් වාර්තා වන අතර මරණ 79ක් සිදුවී තිබේ.
 
633 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක වෙඩි හුවමාරුවකින් 19 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site