IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මෙක්සිකෝවේ එකම පවුලේ හෙදියන් තිදෙනකු ඝාතනය කරලා

මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේ හෙදියන් තිදෙනකු ගෙල සිරකර මරා දමා ඇතැයි වාර්තා වේ.

මොවුන් සහෝදරියන් බවද ඔවුන් මියගිය දිනය හෝ එසේ මරා දැමීමට හේතුව පැහැදිලි නැතැයි ද පොලිසිය පවසයි.
 
මෙලෙස මරා දමා ඇත්තේ ප්‍රාන්තයේ කොරෝනා වයිරස රෝගීන් සම්බන්දව කටයුතු කරන රෝහලක හෙදියන් තිදෙනෙකි.
 
වයිරසය පැතිරීම හේතුවෙන් බොහෝ සෞඛ්‍ය සේවකයින්ට තර්ජන එල්ල වී ඇති නමුත් මොවුන්ගේ මරණ වලට හේතුව රැකියාව බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බව කොහුවායිලා ප්‍රාන්තයේ නීතිපති ජෙරාඩෝ මාර්කේස් පවසයි.
 
සිද්ධියට අපරාධකරුවන් දෙදෙනකුට වැඩි පිරිසක් සම්බන්ද වී ඇතැයි මූලික
පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
 
නමුත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැතැයි ද නීතිපතිවරයා පවසයි.
 
මෙක්සිකෝව බලවත් සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙවැනිදේ සිදුවීම මහත් පාඩුවක් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.   
 
මේ වනවිට මෙක්සිකෝවේ කොරෝනා ආසාදිත රෝගීන් 29 616ක් සහ මරණ 2 961ක් වාර්තා වේ.
 
කෙසේ වුවත් මෙක්සිකෝවේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ සැබෑ ආසාදන සංඛ්‍යාව මීට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි විය යුතු බවයි.
 
වයිරස ආසාදිත රෝගීන් වාර්තා වීම ආරම්භ වූ දිනයේ සිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස රෝගීන් 1 982ක් බ්‍රහස්පතින්දා(08)  වාර්තා විය. එදින අළුතින් මරණ 257ක් ද සිදුවිය.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (6)

මෙක්සිකෝවේ එකම පවුලේ හෙදියන් තිදෙනකු ඝාතනය කරලා

rocky Saturday, 09 May 2020 10:00 AM

මේක කෙරුනේ වෙසක් පෝය දවසේ නම් බරපතල අපරාධයක්!

:       60       0

binkunndaa Saturday, 09 May 2020 07:04 PM

මොන බොරුද? මේක කොහොමටත් අපරාධයක්, වෙසක් එක්ක ඇති‍ සම්බන්ධතාවයක් නෑ.

:       0       0

චමින්දSunday, 10 May 2020 12:57 AM

රොකියෝ මේකටත් වෙසක් පෝය ගාවන්න එපා. මෙයින් වෙන්නේ නුඹගේ ආගමත් එහි පූජකයිනුත් නොවැදගත් වීමයි. මෙවැනි මිලේච්ඡ ක්‍රියාවන් කිරීමට ඒවා කළ අයටත් නුඹට වාගේ මානසික දුබලතාවක් තියෙන්න ඇති. නුඹ පෝය දිනයේ කාදිනල්තුමාගේ දේශනය ඇහුවානම් මෙවැනි අදහස් නොකියනු ඇත.

:       0       8

MD Saturday, 09 May 2020 05:20 PM

මෙහෙම මානසික ලෙඩ්ඩු ගැන ඇහෙනකොට කොරෝනා හොදයිනේ කියලත් හිතෙනවා... ගොඩක් අය සුව වෙලා ගෙදරත් ගියා... මානසික ලෙඩ්ඩු සදහටම වද දිදී පව් ගෙවනවා...

:       0       45

vidya Saturday, 09 May 2020 06:26 PM

මැක්සිකෝව කියන්නේ අපරාධ, දුප්පත්කම, කොකේන් වැනි මත්ද්‍රව්‍ය වලින් පිරිණු රටක්... මේ කරපු අපරාධය සාමාන්‍ය දෙයක්. එය ඉතාම කනගාටු දායකයි .

:       2       28

වීර Sunday, 10 May 2020 08:26 AM

විද්‍යා , මෙක්සිකෝව කියන්නේ G 20 රටවල්වලට ඇතුලත් රටක්. ඒ කියන්නේ ලෝකයේ ලොකුම ආර්ථිකය අයත් රටවල් විස්සට අයිති වෙනවා. අපිට වඩා ගොඩක් ඉහලින් ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 156 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site