මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේ හෙදියන් තිදෙනකු ගෙල සිරකර මරා දමා ඇතැයි වාර්තා වේ.
මොවුන් සහෝදරියන් බවද ඔවුන් මියගිය දිනය හෝ එසේ මරා දැමීමට හේතුව පැහැදිලි නැතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මරා දමා ඇත්තේ ප්‍රාන්තයේ කොරෝනා වයිරස රෝගීන් සම්බන්දව කටයුතු කරන රෝහලක හෙදියන් තිදෙනෙකි.
වයිරසය පැතිරීම හේතුවෙන් බොහෝ සෞඛ්‍ය සේවකයින්ට තර්ජන එල්ල වී ඇති නමුත් මොවුන්ගේ මරණ වලට හේතුව රැකියාව බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බව කොහුවායිලා ප්‍රාන්තයේ නීතිපති ජෙරාඩෝ මාර්කේස් පවසයි.
සිද්ධියට අපරාධකරුවන් දෙදෙනකුට වැඩි පිරිසක් සම්බන්ද වී ඇතැයි මූලික
පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
නමුත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැතැයි ද නීතිපතිවරයා පවසයි.
මෙක්සිකෝව බලවත් සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙවැනිදේ සිදුවීම මහත් පාඩුවක් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
මේ වනවිට මෙක්සිකෝවේ කොරෝනා ආසාදිත රෝගීන් 29 616ක් සහ මරණ 2 961ක් වාර්තා වේ.
කෙසේ වුවත් මෙක්සිකෝවේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ සැබෑ ආසාදන සංඛ්‍යාව මීට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි විය යුතු බවයි.
වයිරස ආසාදිත රෝගීන් වාර්තා වීම ආරම්භ වූ දිනයේ සිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස රෝගීන් 1 982ක් බ්‍රහස්පතින්දා(08) වාර්තා විය. එදින අළුතින් මරණ 257ක් ද සිදුවිය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
මේක කෙරුනේ වෙසක් පෝය දවසේ නම් බරපතල අපරාධයක්!
මෙහෙම මානසික ලෙඩ්ඩු ගැන ඇහෙනකොට කොරෝනා හොදයිනේ කියලත් හිතෙනවා... ගොඩක් අය සුව වෙලා ගෙදරත් ගියා... මානසික ලෙඩ්ඩු සදහටම වද දිදී පව් ගෙවනවා...
මැක්සිකෝව කියන්නේ අපරාධ, දුප්පත්කම, කොකේන් වැනි මත්ද්‍රව්‍ය වලින් පිරිණු රටක්... මේ කරපු අපරාධය සාමාන්‍ය දෙයක්. එය ඉතාම කනගාටු දායකයි .