(විනීතා එම් ගමගේ)
ශ‍්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කෝටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර ඇමති, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සෞදි අරාබියානු රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ සිටින සෞදි අරාබියානු තානාපති අබ්දුල් නාසර් අල් - හරින් මහතා හරහා සෞදි අරාබියානු හජ් සහ උමිරා කටයුතු භාර අමාත්‍ය ආචාර්ය සාලිහ් බින් මුහම්මද් තාහිර් බන්දන් සහ දකුණු ආසියානු කලාපීය හජ් කටයුතු ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රබත් ඉබිනු ඉබිරාහිම් බදර් යන මහත්වරුන් වෙත යොමු කර තිබේ.
හජ්වන්දනාව සඳහා වසරක් පාසා දසදහසකටත් අධික ශ‍්‍රී ලාංකික බැතිමතුන් ඉල්ලූම් කරන අතර අවසර ලබා දෙන්නේ තුන්දහසකට පමණකි.
මෙවර හජ්වන්දනාවට ශ‍්‍රී ලංකාවෙන් වන්දනාකරුවන් පන්දහසක් සඳහා අවසර ලබා දෙන ලෙස හිස්බුල්ලා මහතා සිය ලිපියෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මක්කම වන්දනාවට පන්දහසකට ඉඩ දෙන්න
ajith Monday, 26 November 2018 07:04 AM
ආණ්ඩුව අනීතිකයි නම් ලෝකේ රටවල් පිළිගන්නෙත් නැත නම් මේ ඉල්ලීම ඒගොල්ලන් ඉටු කරාවිද? අනේ මන්ද? ඒගොල්ලන් කියනවා. අපි අහන් ඉන්නවා.
Hafeel Monday, 26 November 2018 08:27 AM
මෙවැනි ශුද්ධ වූ තනතුරු දරනවා නං, තමන් පිරිසිදු වියයුතුයි. මෙයාගේ පුතාට එරෙහිව අධිකරණයේ නඩුවක් තියනවා. නැගෙනහිර අලුතින් ඉදිවෙන විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රණ ටික රැගෙන ගියා කියලා.