



(ඡායාරූප - ශාන්ත රත්නායක)
(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පොදු එකමුතුව සංවිධානය කළ “භාෂණයේ නිදහස සුරකිමු” නිදහස උදෙසා විරෝධතාවය කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී අද(13) පස්වරුවේ පැවැත්විණි.
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
භාෂණයේ නිදහස සුරකිමු, ඉවසන්න හුරුවෙන්න – භාෂණයට ඉඩදෙන්න, ස ෆේල්, මිත්‍යාවෙන් ඈත්වෙලා විද්‍යාවට ඉඩදෙන්න ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත විය.
කොළඹ නිදහස් චතුරස්‍රය අසලට අද පස්වරු 3.00ට පමණ රැස්වූ විරෝධතාකරුවන් “භාෂණයේ නිදහස සුරකිමු” යනුවෙන් සඳහන් කළ කබායන් පැළඳ විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රිෂාද් බදියුදීන්, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, මනුෂ නානායක්කාර, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ස ෆේල්" කියලා ලියලා තියෙනකොට මතක් වෙන්නේ "ස"ජිත් ෆේල් කියලා තමන්ම ලියාගෙන නැත්නම් සරත් වෙල්විදානේ දේශපාලනෙන් " ෆේල් " කියලද මන්දා? එක එකා ෆේල් ද, පාස්ද බලන්න ඉස්සෙල්ලා අපි පාස්ද කියලා බලන්නවත් මේ කිසිඳු දේශපාලුවෙකුට ඥාණය නැති හැටි අම්මපා...!!!
නන්දසේන කිව්වාම තරහ යනවනේ... සිරිසේන පාර්ට් 2....
ඝාතන ගැන කතාවුණා...
"ස ෆේල්" = සජිත් ෆේල්
කවුද කියන්නේ ඔය සර්ලා ෆේල් කියලා? එහෙම කියන්නේ මේ රටේ හැම දෙයින්ම ෆේල් වෙලා සිටින අඥාන ජනතාවයි. හැබැයි ඒ ජනයින් හිතාගෙන ඉන්නේ නම්, මහා ඉහළින්ම ඔවුන් පාස් කියලනේ... සමහරවිට, ඒ දේශප්‍රේමීත්වය වැඩිකමට වෙන්න ඇති...
බලන් ගියාම අපිමයි අන්තිමට ෆේල් වෙලා තියෙන්නේ.
බලාගෙන ගියාම අන්තිමට ෆේල් වෙලා තියෙන්නේ ඡන්දෙ දීපු අපිම තමයි..
සජිත් මහත්තයාගේ පියා රට පාලනය කරන කාලේ තිබුණ භීෂණයක් මම නම් ජීවිතේටවත් දැකලා නැහැ.