බිඟුන් මේනක ගමගේ
එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් වර්ධනය වුවත් භාරකාර ආණ්ඩුවක් හැදීම පහසු නැතැයි ද එවැනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නම් ඒකාබද්ධ විපක්ෂයට වෙනත් පක්ෂවල සහාය ලබාගැනීම අනිවාර්ය යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.
පක්ෂය පාවා දුන් සිරිසේන යැයි එදා අපවාද කළ පිරිස් ජනාධිපතිවරයාට ආණ්ඩු හැදීමට දෑත් දිගු කිරීමෙන් පෙන්නුම් කරන්නේ කිසිදු ප්‍රතිපත්තියක් නැති උපරිම අවස්ථාවාදය යැයි කී හෙතෙම එසේ ආණ්ඩුවක් හැදීමටත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 113 ක් නැතැයි අවධාරණය කළේය.
එසේ වුවහොත් නව ආණ්ඩුවක් හැදීමට එක්සත් ජාතික පක්ෂයේ ද සහාය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට සිදුවනු ඇතැයි ද ටිල්වින් සිල්වා මහතා කීය.
භාරකාර ආණ්ඩුවක් යනු ව්‍යාජයක් යැයි ද එය පසුපස තිබෙන්නේ තනිකරම නඩු මගින් වැලැකී හිරේ විලංගුවේ වැටීමෙන් බේරීමට දේශපාලන කල්ලියකට ඇති වුවමනාව යැයි ද ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයකදි අපි කරන්නේ කිසියම් පිරිසකට රටේ පාලනය භාරදීමක්... භාරගන්නා අය භාරකරුවෝ වෙනවා. දැනට දියවන්නාවට රැස්වන 225දෙනාම රටේ භාරකරුවන්... ඔවුන් කාටවත් එය නැහැ කියන්න බැහැ..
අපි නම් යයි සිරිකොත දාලා...නේද..?
එ්ක නම් ඇත්ත... බාරකාර ආණ්ඩුවක් හදන්න යන්නේ. නඩු ටික අයින් කරගන්න නැත්නම් හොරු ටික හිරේ යනවනේ...
කොහොමත් යූඑන්පී ආණ්ඩුව ගෙදර යනවට මේ අය කොහොමත් කැමති නැහැ. බලයට ගේන්න දර දිය ඇදලා පත් කරපු ආණ්ඩුවනේ.