(යොහාන් භාසුර)

බීඩි කොළ සහිත උර විසි දෙකක් සහ කරදමුංගු සහිත උරයක් සමග සැකකරුවන් හය දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ රංගල නෞකාවට අයත් නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබූහ.

මාඔය මෝයේ සිට මුහුදු සැතපුම් දෙකක් පමණ දුරදී බෝට්ටු තුනකින් පැමිණි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් සැකකරුවන්, බෝට්ටු සහ තහනම් ද්‍රව්‍ය ශ්‍රී ලංකා රේගු උප නිවාරණ කාර්යාලය භාර දෙන ලදී.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.